හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ආනයන හා අපනයන භාණ්ඩ පරීක්ෂණ මධ්‍යස්ථානයට මුල්ගල තැබේ

    November, 20, 2025

    හම්බන්තොට ජාත්‍යන්තර වරායේ යෝජිත රේගු ආනයන හා අපනයන භාණ්ඩ පරීක්ෂණ මධ්‍යස්ථානයට මුල්ගල තැබීම අද(20) සිදු විය.

    මාස 5/6ක් ඇතුළත ඉදිකිරීම් අවසන් කර 2026 අප්‍රේල් වන විට මෙම මධ්‍යස්ථානයේ මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.

    හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී විල්සන් කූ මහතා මෙහි දී කියා සිටියේ 2027 වන විට හම්බන්තොට ජාත්‍යන්තර ගුවරායේ බහාලුම් හැසිරවීමේ පරිමාව TEU මිලියන 2 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර එම ශුභවාදී ඉලක්කය සඳහා පහසුකම විශාල උපකාරයක් වනු ඇති බවයි.

    මෙම අවස්ථාවට රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා සහ රැන්ක් බහාලුම් පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රවී විජේරත්න මහතා සහභාගී වූහ.