November, 18, 2015
ලාෆ්ස් ගෑස් පීඑල්සී හි පරිපාලිත සමාගමක් වන ආයෝජන මණ්ඩල අනුමත, ලාෆ්ස් ටර්මිනල් ලිමිටඩ් ඊයේ (17) දිනයේ දී චීනයේ Huanqiu Terminals Limited සමඟ ඓතිහාසික ගිවිසුමකට එළඹෙන ලදී. මෙය හම්බන්තොට වරාය හා සම්බන්ධ පළමු මෙන්ම දැවැන්තම ආයෝජනය ලෙසින් හැඳින්විය හැකි අතර මේ සඳහා වන සම්පූර්ණ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 80 ඉක්මවනු ලබයි. මෙහි මූලික ආයෝජනය ඩොලර් මිලියන 51.8 කි.
මෙහිදී ඉදිකෙරෙනු ලබන ලාෆ්ස් LPG පර්යන්තය, ගබඩා කිරීමේ ධාරිතාවය අනුව දකුණු ආසියාවේ විශාලතම LPG ආනයන හා අපනයන පර්යන්තයක් වනු ඇත. මාස 24 ක් ඇතුළත දී මෙම පර්යන්තයේ සියලු ඉදිකිරීම් නිම කිරීමට සැලසුම් කර තිබෙන බව ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා, “ලොව විශාලතම නාවුක ගමන් මාර්ගයක තමයි හම්බන්තොට වරාය පිහිටා තිබෙන්නේ. ලොව ඉතා වේගයෙන් වර්ධනය වන LPG වෙළෙඳපොළවල් වන ඉන්දියාව, බංග්ලාදේශය, මියන්මාරය, නැගෙනහිර හා දකුණු ආප්‍රිකානු කලාපය ආසන්නයෙන් හම්බන්තොට වරාය පිහිටා තිබීම උපක්‍රමශීලී ලෙස අපට විශාල වාසි රැසක් අත්පත් කර ගත හැකියි. මෙම ව්‍යාපෘතිය හරහා හම්බන්තොට ප්‍රදේශය ආශ්‍රිතව නව රැකියා විශාල ප්‍රමාණයක් බිහිවෙනවා“, යැයි පැවසීය.
එසේම මෙම පර්යන්ත ධාරිතාවයෙන් 60% ක් පමණ ප්‍රතිඅපනයනය සඳහා සැලසුම් කර තිබෙන බවත් මෙතෙක් කලක් ශ්‍රී ලංකාව අත නොගැසූ, බලශක්ති අපනයන කර්මාන්තය තුළින් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව තිබෙන බවත් පැවසූ ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා වැඩිදුරටත් කියා සිටියේ, මේ වන විට විට නෞකා දෙකක් තම සමාගම සතුව තිබෙන බවත් ඉදිරි මාස 24 ක කාලය තුළ දී එය 10 ක් දක්වා වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවත්ය.
Video Story