December, 10, 2014
පරිසර හිතකාමී හරිත නිවාස ඉදිකරන්නන් සඳහා අඩු පොලී නිවාස ණය ලබාදීමේ වැඩසටහනක් ක්රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බව ශ්රී ලංකා ඉදිකරන්නන්ගේ සංගමයේ (Ceylon Institute of Builders (CIOB)) සභාපති, ආචාර්ය රොහාන් කරුණාරත්න මහතා සඳහන් කරයි.
ඔහු අප සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ මේ සඳහා බැංකු කිහිපයක් සමගම සාකච්ඡා කරමින් සිටින බවයි.
පරිසර හිතකාමී හරිත ගොඩනැගිලි (Green Buildings) ඉදිකිරීම ලෝකයේ නව ප්රවණතාවය වී තිබෙන බවත් ලංකාවද හරිත ගොඩනැගිලි ඉදිකිරීමට වඩාත් යොමුවීම ඉතාමත් වැදගත් බවත් හෙතෙම මෙහිදී අවධාරණය කළේය.
“හරිත නිවාසයක් ඉදිකිරීම අනිකුත් නිවාසයක් ඉදිකිරීමට වඩා මුලින් ටිකක් පිරිවැය වැඩි වුණත් අවුරුදු තුනකින් පස්සේ එහි ප්රතිලාභය ලැබෙන්න පටන් ගන්නවා.“
“විදුලි බලය සඳහා යන වියදම, බලශක්තිය සඳහා යන වියදම හරිත නිවාස වල අඩුයි. මේ නිසා, නිවැසියන්ට දිගුකාලීනව ඉහළ ප්රතිලාභයක් මින් ලැබෙනවා.“
යනුවෙන් රොහාන් කරුණාරත්න මහතා සඳහන් කළේය.
ශ්රී ලංකාවේ හරිත ගොඩනැගිලි හා නිවාස සඳහා සිය සංගමය විසින් සහතිකයක් පිරිනැමීමටද සූදානම් බව කරුණාරත්න මහතා වැඩිදුරටත් කීය.
Video Story