හලාවත වැවිලි සමාගමෙන් සහන මිලට භාණ්ඩ රැසක්

    December, 19, 2016

    රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මැතිතුමා සිය අමාත්‍යංශයට අයත් ආයතනවල නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරමින්,පෞද්ගලික අංශය හා තරඟ කළ හැකි මට්ටමට ඔසවා තැබීමට දරණ වෑයමට සමගාමීව, හලාවත වැවිලි සමාගමේ නිෂ්පාදන ඇතුළත් වෙළඳ කුටියක් දෙසැම්බර් 17 වන දින සිට 24 වන දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ, සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේදී පැවත්වෙන කළම්ඹු ෂොපින් ෆෙස්ටිවල් හී දී ක්‍රියාත්මකව පවතියි.

    වැවිලි සමගමේ සභාපති ආසිරි හේරත් මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක මෙම වෙළඳ කුටිය එම වෙළඳ ප්‍රදර්ශනයේ රාජ්‍ය ආයතනයක් සතු එකම වෙළද කුටිය ද වේ.

    හලාවත වැවිලි සමාගමට අයත් පොල්,පොල්තෙල්,කජු මෙන්ම පොල් ගසෙන් නිවසේ අවශ්‍යයතාවලට යොදා ගන්නා කොසු,ඉදල් වැනි උපකරණද මෙහිදී ඉතා අඩු මිළකට ලබා ගැනීමේ හැකියාව පාරිභෝගික ජනතාවට ලබා දි ඇත.එසේම පොල් වගාවේදී යොදා ගන්නා විවිධ ලෝහමය උපකරණ ද,හලාවත වැවිලි සමාගම මඟින් නිපදවා මෙහිදී අඩු මිලට ලබා දීමට කටයුතු සළස්වා ඇත.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ හලාවත වැවිලි සමාගමේ ආසිරි හේරත් මහතා පැවසුවේ ඉදිරි වසරේ සිට කොළම ජනතාවට පහසුවෙන් පොල් සහ හලාවත වැවිලි සමාගමේ නිෂ්පාදන මිලදී ගැනීමට හැකි පරිදි කොළඹ 7 ජයවර්ධන කෙන්ද්‍රයේදී වෙළද කුටියක්ද අරඹන බවය.

    ඡායාරූපවලන් දැක්වෙන්නෙ සිරිමාවො බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේ හලාවතවැවිලි සමාගමට හිමි වී තිබෙන සී 14 කුටියේදි එම වෙළද කුටියේ සේවක මඩුල්ල සමඟ සභාපති ආසිරි හේරත්, විධායක අධ්‍යක්ෂ මනීෂ නවිරත්න සහ සහකාර සාමාන්‍ය අධිකාරි බන්දුජීව හෙට්ටිආරච්චි යන මහත්වරු ඡායාරුපයක් සඳහා පෙනී සිටි අයුරුයි.

    එහිදී පාරිභෝගික අවශ්‍යයතා වෙනුවෙන් අලෙවියට තබා ඇති නිෂ්පාදන සහ ගොවි උපකරණද මේ සමඟ වන අනෙකුත් ඡායාරූපවලින් දැක්වේ.