හාන්ස් විජයසූරිය ජෝන් කීල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

    October, 5, 2016

    ඩයලොග් ආසියාටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරියා හා අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ආසියාටා ගෘෘප් Bhd හි දකුණු ආසියානු කලාපීය ප්‍රධාන විධායක නිලධාරියා වන ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර තිබේ.

    මේ අනුව ජෝන් කීල්ස් හෝල්ඩිග්ස් හි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස 2016 ඔක්තෝබර් 04 වැනි දින සිට ආචාර්ය හාන්ස් විජයසූරිය කටයුතු කරනු ඇත.