December, 18, 2019
ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය බැංකුව වන හැටන් නැෂනල් බැංකුව තිරසර බැංකුකරණයක් සහ ආයතනික සංස්කෘතියක් බිහි කිරීමෙහිලා දැක්වූ කැපවීම වෙනුවෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය (CCC) මගින් පැවැත් වූ හොඳම ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී (BCCSA) සම්මාන 7 කින් පිදුම් ලැබීමට සමත් විය.
හැටන් නැෂනල් බැංකුව මෙම වසරේ හොඳම ආයතනික පුරවැසි 10 දෙනාගේ ලැයිස්තුවට ඇතුලත් වීමට සමත් වූ අතර සම්මාන උළෙලේ ප්‍රමුඛතම සම්මාන කාණ්ඩය වන හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන අංශයේ තුන්වන ස්ථානය දිනා ගැනීමට ද සමත් විය.
මීට අතිරේකව ස්ථාවර කැපවීම සහ අඛණ්ඩ වැඩිදියුණු කිරීම් ^Governance category& ජයග්‍රාහකයා ලෙස සහ ආර්ථික තිරසරභාවය (ලාභය) කාණ්ඩය යටතේ Triple Bottom Line සම්මානය ලබා ගැනීමට ද බැංකුව සමත් වී තිබෙන අතර බැංකුවේ සමස්ත ශ්‍රම බලකායේ හැකියාවන් ඉහළ නැංවීම අරමුණු කරගත් පුරෝගාමී මානව සම්පත් කළමනාකරණය වෙනුවෙන් සේවක සබඳතා කාණ්ඩයේ සම්මානය දිනා ගැනීමට ද බැංකුව සමත් වී තිබේ.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අනුව යමින් පාරිසරික සංරක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය, ජලය සහ අපද්‍රව්‍ය කළමනාකරණය යන කාරණා සම්බන්ධයෙන් බැංකුව විසින් සිදු කළ මෙහයුම් ඇගයීමට ලක්කරමින් හොඳම තිරසර ව්‍යාපෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට හැටන් නැෂනල් බැංකුවට හැකි වූ අතර තුන්ඩෝලා සංරක්ෂණ ව්‍යාපෘතිය වෙනුවෙන් හොඳම තිරසාර ව්‍යාපෘති කාණ්ඩයේ කුසලතා සහතිකය හිමි කරගැනීමට සමත් විය.
මෙම වසරේ සම්මාන උළෙලේදී බැංකුවේ කැපී පෙනෙන කාර්යසාධනය සඳහා දායක වූ උපායමාර්ග සහ ප්‍රතිපත්ති පිළිබඳව විස්තර කළ හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන පරිවර්තන නිලධාරිණි ^Transformation Officer&චිරාන්ති කුරේ මහත්මිය, තිරසර භාවිතයන් සම්බන්ධයෙන් සියලූ ආයතනයන් ක්‍රියාශීලීව නිරතවීමේ අවශ්‍යතාව අවධාරණය කළාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ චිරාන්ති කුරේ මහත්මිය ”සමාජ හා පාරිසරික තිරසාරභාවය යනු තවදුරටත් පවත්නා ව්‍යාපාරික ආකෘතියකට බාහිරින් එකතු කළ හැකි සාධකයක් නොවන අතර අනාගත ව්‍යාපාර යනු තිරසාරභාවය සහ සමාජ වගකීම ඇතුළත් වන ව්‍යාපාර ලෙස සැලකිය හැක. මෙම නව යථාර්ථය සමඟ වඩාත් හොඳින් ගැලපීම සඳහා, හැටන් නැෂනල් බැංකුව මේ වන විටත් පරිවර්ථනයන් රාශියක් සිදු කරමින් පවතින අතර ජාතික ආර්ථිකයේ සෑම අංශයක්ම පෝෂණය වන පරිදි ලාභය,මිනිසුන් සහ ලෝකය යන ආර්ථිකයේ ත්‍රිත්ව කාරණා ^ triple bottom line& වර්ධනයට ප්‍රමුඛත්වය දී තිබෙනවා” යැයි පැවසීය.
හැටන් නැෂනල් බැංකුව ස්ථාපිත වූ දා සිට ශ්‍රී ලාංකීය ව්‍යවසායකයින් සමග සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ ව්‍යාපාර සංවර්ධනයට සහයෝගය ලබා දුන් අතර 80 දශකය වන විට ශ්‍රී ලංකා ආර්ථිකයේ අත්‍යවශ්‍ය අංගයක් වන ග්‍රාමීය ආර්ථිකයේ වර්ධනය සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය සඳහා තම මෙහයුම් ව්‍යාප්ත කළ පළමු පෞද්ගලික අංශයේ වාණිජ බැංකුව බවට පත් විය.
හැටන් නැෂනල් බැංකුව ක්‍රියාත්මක කරනු ලබන ගැමි පුබුදුව වැඩසටහන හරහා ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්රයේ විශාල පිබිදීමක් ඇති කිරීමට බැංකුව සමත් වී තිබේ. විශේයෙන් ගැමි පුබුදුව තුලින් ශ්‍රී ලංකාව පුර ස්ථාපිත කර ඇති ක්ෂේත්‍ර නිලධාරීන් මගින් මූල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම, ව්‍යාපාර ශක්තිමත් කිරීම සහ අපනයන අවස්ථා සඳහා පහසුකම් සැලසීම මගින් ප්‍රාග්ධන ප්‍රවේශයෙන් ඔබ්බට විහිදෙන විශ්වසනීය දිගුකාලීන සබඳතාවක් ඔවුන් සමග ගොඩනගා ගැනීමට බැංකුවට හැකිවී තිබේ.
හැටන් නැෂනල් බැංකුවේ තිරසර උපාය මාර්ගයන් ශ්‍රී ලංකා ආර්ථිකය පිලිබඳ බැංකුවේ දිගුකාලීන දැක්මේ කේන්ද්‍රීය කුළුණක් බවට පත් වී තිබේ. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අනුව කටයුතු කරමින් රැකියා ස්ථානයේ විවිධත්වයේ සිට පුනර්ජනනීය බලශක්තිය, පාරිසරික සංරක්ෂණය, ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධනය, ඩිජිටල් බැංකුකරණය යනාදී සෑම අංශයක්ම සංවර්ධනය කරමින් ශ්‍රී ලාංකිකයින් සවිබල ගැන්වීමේ ප්රගතිශීලී ප්‍රතිපත්ති රාශියක් ක්‍රියාත්මක කර තිබේ.
හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ සමාගම් අතර අංක එකේ ව්‍යාපාරික ආයතනයක් ලෙස බිස්නස් ටුඩේ ව්‍යාපාරික සඟරාව මගින් මෙම වසරේදී නම් කරන ලදී. එසේම වසර ගණනාවක් පුර හැටන් නැෂනල් බැංකුව සමස්ත බැංකු ක්ෂේත්රය තුළ පෙන්වු සාර්ථකත්වය වෙනුවෙන් තවත් සම්මාන රැුසකින් පිදුම් ලබා ඇත. ඒෂියන් බෑන්කර් සඟරාව මගින් පිරිනැමූ ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණය සහිත බැකුව, යුරෝමනි සඟරාව මගින් අඛණ්ඩව තුන්වන වරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස තෝරාගැනීම, බෑන්කර් සඟරාව මගින් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට තෝරා පත් කරගැනීම, LMD සඟරාව මගින් Top 100 Club සඳහා නම් කිරීම මෙන්ම හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක් නිලධාරී ජොනතන් අලස් මහතා zCEO Leadership Achievement’ සම්මානය මගින් පිදුම් ලැබීම හැටන් නැෂනල් බැංකුවේ සාර්ථකත්වයට දිය හැකි හොඳම උදාහරණ වේ.
මීට අතිරේකව තවත් සම්මාන රාශියක් දිනා ඇති හැටන් නැෂනල් බැංකුව යුරෝමනි සඟරාව මගින් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස අඛණ්ඩව තුන්වන වරටත් නම් කරන ලද අතර ,එක්සත් රාජධානියේ ප්‍රමුඛතම බැංකු සඟරාවක් වන ද බෑන්කර් සඟරාව මගින් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ද නම් කෙරිණි.
ඡායාරූපය - වමේ සිට දකුණට - ශිරෝමි හල්ලොලූව (නීති අංශ ප්‍රධානි) සහ්නෙල් පෙරේරා (තිරසර ව්‍යාපාර භාර නිලාධාරී) හේමන්ත සෙනෙවිරත්න (සහකාර කළමනාකාර-තිරසර ව්‍යාපාර) සන්ජේ විජේමාන්න (නියෝජ්‍ය සාමාන්‍යධිකාරී-පාරිභෝගික බැංකු කටයුතු), චිරන්ති කුරේ ^ Chief Transformation Officer& ජොනතන් අලස් (කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී) දිල්ශාන් රොද්‍රිගෝ (ප්‍රධාන මෙහෙයුම් නිළධාරි) දමිත් පල්ලෙවත්ත (නියෝජ්‍ය සාමාන්‍යධිකාරී Risk $Chief Risk Officer $ Chief Information Security Officer& චම්මික වීරසිංහ (අලෙවි ප්‍රධානි) දිලූනිකා ජයසිංහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණි (ණය අවදානම් කළමනාකරණ) ඞී.දිශාරත්නම් තිරසර ඒකකය හැටන් නැෂනල් බැංකුව)