හැව්ලොක් සිටි ඉදිරි ආයෝජනයට රුපියල් බිලියන 7 ක හිමිකම් නිකුතුවක්

    September, 26, 2016

    කොළඹ නගරයේ සිදුකෙරෙන තවත් එක් දැවැන්ත මිශ්‍ර ව්‍යාපෘතියක් වන හැව්ලොක් සිටි ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු වෙනුවෙන් හිමිකම් කොටස් නිකුතුවක් සිදුකිරීමට සමාගම තීරණය කර තිබේ.

    හැව්ලොක් සිටි ව්‍යාපෘතිය මෙහෙයවනු ලබන සමාගම වනුයේ ඕවර්සීස් රියලිටි (සිලෝන්) පීඑල්සී සමාගමයි.

    මේ අනුව දැනට සමාගමේ තිබෙන සෑම සාමාන්‍ය කොටස් 5 කටම සාමාන්‍ය කොටස් 2 ක් වන පරිද්දෙන් මෙම හිමිකම් නිකුතුව සිදුකිරීමට නියමිතය.

    මෙහිදී නව කොටස් 355,151,309 ක් නිකුතු කරනු ලබන අතර ඒ සඳහා කොටසකට රු. 20.50 බැගින් ගෙවීමට හිමිකම් කොටස්ලාභීන් හට සිදුවනු ඇත.

    මේ හරහා සම්පාදනය කර ගැනීමට නියමිත සම්පූර්ණ අරමුදල රුපියල් 7,280,607,834.00 කි.

    සමාගමේ වත්මන් ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් 11,162,751,513.00 ක් ලෙසින් වාර්තා වේ.

    කෙසේ වෙතත් මෙම හිමිකම් නිකුතුව කොළඹ කොටස් වෙළෙඳපොළේ සහ මහා සභා රැස්වීමේ දී සමාගමේ කොටස්කරුවන්ගේ අනුමැතියට යටත්වනු ඇත.