July, 13, 2016
ඇතැම් ආයතනවල අභිවෘද්ධිය සඳහා රාජය හා පෞද්ගලික යන අංශ දෙකේම සහයෝගීතාව ලබා ගැනීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ කොළඹ දී පැවති ඉන්දියානු ප්‍රධාන විධායක නිලධාරීවරුන්ගේ සමුළුව අමතමිනි. මෙලෙසින් අවධානය යොමු කොට ඇති ආයතන අතර හිල්ටන්, හයට් හා ලංකා හොස්පිටල් යනාදී සමාගම් පිළිබඳව අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.
දේශීය හා විදේශීය ආයෝජන දිරිගැන්වීමේ අරමුණින් බදු ප්‍රතිපත්තිය තවදුරටත් සරල කිරිමට පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමුළුවේදී දැක්වූ අදහස් පහතින් නැරඹිය හැකිය.
https://www.youtube.com/watch?v=ro1y91qhJfw