හුන්ඩායි ලංකා (පුද්.) සමාගමේ අලෙවියෙන් පසු සේවා අංශයේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස, 2019 ජනවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සදාත් නසාර් මහතා පත්කර තිබේ. හුන්ඩායි ලංකා යනු මෙරටට හුන්ඩායි රථවාහන ගෙන්වා බෙදාහැරීමේ බලය හිමි එකම සමාගමයි.
රථවාහන කර්මාන්තයේ වසර 20 කට අධික පළපුරුද්දක් ලබා ඇති සදාත් නසාර් මහතා වසර 10 කට වැඩි කාලයක් ‘වෝක්ස්වැගන්’ සහ ‘අවුඩි’ වැනි ජාත්‍යන්තර සන්නාම ප්‍රවර්ධනය කිරීමේ කටයුතු වල නිරත වී තිබේ. මින් ඉදිරියට ඒ මහතා හුන්ඩායි ලංකා සමාගමේ අලෙවියෙන් පසු සේවා ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීම සඳහා කටයුතු කරනු ඇත. එමෙන්ම මෙම පත්වීම මගින් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායම තවදුරටත් ශක්තිමත් වනු ඇති අතර එමගින් පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට තලයේ අලෙවියෙන් පසු සේවාවක් ලබාදීමට හැකිවනු නිසැක ය.
මේ පිළිබඳව අදහස් දක්වමින් හුන්ඩායි ලංකා සමාගමේ අධ්‍යක්ෂ ජුලියන් රොයිටර් මහතා මෙසේ පැවසී ය. “රථවාහන කර්මාන්තය සම්බන්ධයෙන් සදාත් නසාර් මහතා සතු හැකියාව, දැනුම සහ පළපුරුද්ද කිසිවෙකුටත් දෙවැනි වන්නේ නැහැ. ඔහු වැනි කෙනෙකු අපගේ ආයතනයට සම්බන්ධ වීම ගැන අප බෙහෙවින් සතුටු වනවා. විශේෂයෙන්ම අලෙවියෙන් පසු සේවාවන් දියුණු කිරීම සම්බන්ධ අත්දැකීම් සම්භාරයක් ඔහු සතුයි. මේ අත්දැකීම්, අපගේ අලෙවියෙන් පසු සේවාවන් දියුණු කරමින් අපගේ පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට තලයේ සේවාවක් ලබාදීමට අපට බෙහෙවින් උපකාරී වේවි.”
ඩුබායි හි Ali & Sons Motors LLC සමාගමේ වෝක්ස්වැගන් සහ ස්කෝඩා අංශ වල සහතිකලත් සේවා කළමනාකරුවෙකු ලෙස වසර 6 ක කාලයක් සේවය කර ඇති සදාත් මහතා එම සමාගමේ අලෙවියෙන් පසු සේවා කණ්ඩායමට ISO 9001 සහතිකකරණය ලබාගැනීම සඳහා කැපීපෙනෙන දායකත්වයක් දක්වා තිබේ. තවද ඒ මහතා දේශීය හා ජාත්‍යන්තර තල වලදී අවුඩි, ස්කෝඩා සහ වෝක්ස්වැගන් සන්නාම සම්බන්ධ අලෙවියෙන් පසු සේවාවන්ට අදාළ ක්‍රමෝපායන්, වියදම් තක්සේරු කිරීම් සහ ක්‍රියාවට නැංවීම් යනාදී සියලු අංශයන්ට සම්බන්ධ වී කටයුතු කර ඇත.
එක්සත් රාජධානියේ University of Hertfordshire වෙතින් රථවාහන ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් ගෞරව උපාධියක් ලබා ඇති සදාත් නසාර් මහතා සුදුසුකම් සපිරූ වරලත් ඉංජිනේරුවෙකි. විශේෂයෙන්ම පාරිභෝගිකයන්ට උපරිම වටිනාකමක් හිමිවන පරිදි අලෙවියෙන් පසු සේවාවන් පිරිනැමීම සම්බන්ධයෙන් ඒ මහතා දීර්ඝ වශයෙන් අත්දැකීම් ලබා ඇත.