හුළුගල්ලේ කොමර්ෂල් බැංකුවෙන් සමුගනී

    March, 31, 2015

    ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාව කලක් සේවය කළ ලක්ෂ්මන් හුළුගල්ලේ මහතා කොමර්ෂල් බැංකුවේ දැරූ අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    මේ අනුව, 2015 මාර්තු 31 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම ඉල්ලා අස්වීම සිදුකර ඇත.

    ඔහු සතුව කොමර්ෂල් බැංකුවේ කිසිදු කොටස් අයිතියක් නොමැති බව සඳහන්ය.