හෙටට පෙර බදු ගෙවන්නැයි දේශීය ආදායමෙන් ඉල්ලීමක්

    December, 28, 2016

    එකතු කළ අගය මත බදු, ජාතිය ගොඩනැගීමේ බදු, උපයන විට ගෙවීමේ බදු හා රඳවා ගැනීමේ බදු සම්බන්ධ ගෙවීම් 2016 දෙසැම්බර් 29 වැනි දිනට හෝ එදිනට පෙර සිදුකරන මෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන ජනතාවගෙන් ඉල්ලා සිටී.

    වසර අවසානයේ බැංකු කටයුතුවල පවතින කාර්ය බහුලත්වය නිසා ඇතිවන තදබදය වළක්වා ගැනීම පිණිස මෙසේ කටයුතු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.