‘‘හේමාස් හෙල්ත් ඇප් ’’සුවපත් බවත් සුවදිවි පෙවෙතත් එකට කැටි වූ ශ‍්‍රී ලංකාවේ පළමු ජංගම දුරකථන යෙදවුම හඳුන්වාදෙයි

    February, 23, 2019

    ශ‍්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රය වෙත ජාත්‍යන්තර ප‍්‍රමිතියේ සුවසේවාවක් පළමු වරට හඳුන්වාදෙමින් ඔස්ටේ‍්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප‍්‍රමිතිකරණය හිමි මෙරට ප‍්‍රථම සහ එකම රෝහල් සමූහය වන හේමාස් රෝහල් සමූහය තවත් එවැනිම දැවැන්ත පියවරක් තබමින් සුවපත් බවත් සුවදිවි පෙවෙතත් එකට කැටි වූ මෙරට පළමු ජංගම දුරකථන යෙදවුම වන හේමාස් හෙල්ත් ඇප් (Hemas Health App) පසුගියදා හඳුන්වා දෙන ලදි.

    ඩිජිටල් සුවසේවා ක්ෂේත‍්‍රයේ පුරෝගාමී නාමය වන හේමාස් රෝහල් සමූහය විසින් අභිනවයෙන් හඳුන්වාදෙන මෙම ජංගම දුරකථන යෙදවුම (mobile app) මෙතෙක් සුවසේවා ක්ෂේත‍්‍රයට සම්බන්ධ ආයතනයන් විසින් හඳුන්වා දෙන ලද ජංගම දුරකථන යෙදවුම්වලට වඩා මුළුමනින්ම වෙනස් වන්නේ ශ‍්‍රී ලංකාවේ පළමු වරට එක් ජංගම දුරකථන යෙදවුමක් මගින් සුවසේවාවන් රැසක් සහ සුවපත් දිවිපෙවතකට අවශ්‍ය සේවාවන් ගණනාවක් ලබා දීමට හේමාස් හෙල්ත් ඇප් සමත් වීම නිසයි. මෙම ජංගම දුරකථන යෙදවුම ඇන්රොයිඞ් සහ ඇපල් ජංගම දුකථන සඳහා (Android / iOS)  භාගත කිරීමට හැකි ලෙස නිර්මාණය කර ඇත.

    රෝහල් සේවා රැසක් අතැ`ගිලි තුඩගට සමීප කරවන හේමාස් හෙල්ත් ඇප් යෙදවුම මගින් විශේෂඥ වෛද්‍ය හමුවීම් සඳහා ඉඩ හසර සැලසෙන අතර මෙහි අන්තර්ගත ටෙලි මෙඩිසින් ^TelePhysio&පහසුකම සහ ටෙලි ෆිසියෝ ^TeleMedicine& සේවාව මගින් රෝහලට පැමිණීීමකින් තොරව වෛද්‍යවරයා හෝ භෞතචිකිත්සකවරයා විඩියෝ දුරකථන ඇමතුමක් මගින් සජීව ලෙස සම්බන්ධ කර ගත හැක. මෙහිදී රෝගියාගේ රසායනාගාර වාර්තා වෙත ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සම්බන්ද විය හැකි බැවින් රෝගී පුද්ගලයාට අවශ්‍ය උපදේශනය එසැනින් සිදු කළ හැක. වීඩියෝ සාකච්ඡාව සිදු කරන අතර තුර වෛද්‍යවරයාට හෝ භෞතචිකිත්සකවරයාට රෝගියාට යම් පණිවිඩයක් ලිඛිතව ලබා දීමට ද මෙහිදී පහසුකම් සලසා ඇත.

    හේමාස් හෙල්ත් ඇප් යෙදවුමේ ඇති රසායනාගාර වාර්තා සහ විශ්ලේෂණ සේවා පහසුකම තුළින් රෝගියාගේ සියලූ රසායනාගාර වාර්තා එක් ස්ථානයක ගබඩා කර ගැනීමේ හැකියාව සහ අවශ්‍ය  ඕනෑම විටෙක මෙහි ගබඩා කර ඇති  ඕනෑම රසායනාගාර වාර්තාවක් වෙත පිවිස එය සෘජුව වෛද්‍යවරයා වෙත යැවීමේ පහසුකම ලබා දී ඇත. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ රෝගියාට අවශ්‍ය නම් ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජිකයින්ගේ වෛද්‍ය වාර්තා වුවද මෙහි ගබඩා කර අවශ්‍ය අවස්ථාවලදී විශ්ලේෂණ සඳහා වෛද්‍ය වරයා වෙත යොමු කළ හැකි වීමයි.

    මෙම යෙදවුමේ ඇති Ask A Doctor නම් වූ විශේෂාංගය තුළින් සුවපත් දිවියක් සඳහා අවශ්‍ය උපදේශන සේවා ලබා ගත හැක. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙරට පිහිටි ප‍්‍රමුඛ පෙළේ ශරීර සුවතා මධ්‍යස්ථාන, ව්‍යායාම උපදේශකයින් හා සම්බන්ධ වීමේ අවස්ථාව හේමාස් හෙල්ත් ඇප් මගින් ලබා ගත හැකි වීමයි. ඔන්ලයින් ඖෂධ අලෙවි සැල් සේවා මෙම යෙදවුම හා සම්බන්ධ කර ඇති බැවින් වෛද්‍යවරයා විසින් නියම කරනු ලබන ඖෂධ නිවසටම ගෙන්වා ගැනීමට හේමාස් හෙල්ත් ඇප් භාවිතා කරන පාරිභෝගිකයින්ට අවකාශ සැලසේ.

    හේමාස් හෙල්ත් ඇප් හි සුවපත් දිවියක් සඳහා එක් කර ඇති විශේෂාංගයන් අතරට ව්‍යායාම කරන අතරතුර තම ශරීර සෞඛ්‍ය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීම සඳහා ෆිට්බිට් වැනි උපාංගයන් භාවිතා කරන්නෙකුට නම් එම ෆිට් බිට් උපකරණය සමග සම්බන්ධ වීමේ හැකියාව මෙම යෙදවුමට ඇත. එබැවින් ව්‍යායාම කරන අතර වාරයේදී හෘද ස්පන්ධනය, සිරුරේ මේද දහනය ආදී තොරතුරුද මෙම යෙදවුම මගින් ලබා දෙයි. එපමණක් නොව ශරීරයේ මේද දහනය මනා කොට පවත්වා ගෙන යෑම සඳහා සිදු කළ යුතු ව්‍යායාම විවිධ අභියෝගයන් ලෙස වඩාත් ආකර්ෂණීය අන්දමින් මෙම යෙදවුම භාවිතා කරන්නන් වෙත යොමු කරයි. මෙහි ඇති ඔන්ලයින් ස්ටෝර් ^ Online Store&  මගින් සුවපත් දිවියකට අවැසි සුවතා නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාව පාරිභෝගිකයින් වෙත ලබා දෙන අතර ශරීරයේ බර අඩු කර ගැනීමේ ආහාර වට්ටෝරු, ව්‍යායාම වැඩසටහන් සහ ෆිට් බිට් උපාංගයන් වැනි සුවතා නිෂ්පාදන සහ සේවා මීට අයත් වෙති.

    හේමාස් හෙල්ත් ඇප් භාවිතා කරන්නන්ට පමණක් නොව එහි ප‍්‍රතිඵල සෙසු පුද්ගලයින්ට දැන ගත හැකි පරිදි එහි ගුණ දොස් විචාරීමේ අවස්ථාවද පාරිභෝගියින්ට සලසා ඇත. මෙහි ඇති බ්ලොග් අවකාශය වෙත පිවිස එය භාවිතා කරන්නන්ට තමන් ලද ගුණ අගුණ සෙසු පුද්ගලයින් වෙත සන්නිවේදනය කිරීමේ පහසුකම මීට අන්තර්ගත කර ඇත. මීට අමතරව මෙම යෙදවුම මගින් දෛනිකව, සතිපතා සහ මාසිකව භාවිතා කරන්නන්ට ලබා දෙන අභියෝග ජය ගැනීමට හැකියාව ඇති පුද්ගලයින් වෙත ආකර්ෂණීය ත්‍යාග පිරිනැමීමටද හේමාස් හෙල්ත් ඇප් කටයුතු කරනු ඇත.

    Hemas Health App ජංගම දුරකථන යෙදවුම ඉදිරියටත් නවාංග එක් කරමින් කාලානූරූපි ඩිජිටල් සුවසේවාවක් බවට පත් කිරීමට හේමාස් රෝහල් සමූහය පියවර ගනු ඇත. නිදසුනක් ලෙස දැනට හේමාස් රෝහල් සමූහය විසින් හඳුන්වා දී ඇති LiveTrack ලෙස හැඳින්වෙන වෛද්‍ය විශේෂඥයින් හමුවීමේදී ඒ සඳහා ලබා දෙන චැනලින් අංකය ජංගම දුරකථනය හරහා පිරික්සීමේ සේවාව සහ ගර්භනී මව්වරුන්ට සිය ගර්භනී තත්වය අඛණ්ඩව පරීක්ෂා කිරීම සහ විශේෂඥ වෛද්‍ය උපදේශනය වෙත කඩිනමින් ඇතුළු වීමේ හැකියාව සහිත නව සේවා නුදුරේදීම Hemas Health App ජංගම දුරකථන යෙදවුම සමග එක් කිරීමට නියමිතය. මෙම ජංගම දුරකථය වැඩි වශයෙන් භාවිතා කරන්නන් සඳහා ලකුණු ක‍්‍රමයක් හඳුන්වා දීමටත් , එම ලකුණු මට්ටම් අනුව සුවතා නිෂ්පාදන හා සේවා මිලදී ගැනීමේදී වට්ටම් ලබා දීමේ ක‍්‍රමවේදයක් ද ඉතාම නුදුරේදී මෙම ජංගම දුරකථන යෙදවුමට හඳුන්වා දෙනු ඇත.

    ‘‘සුවසේවා ක්ෂේත‍්‍රය තුළ ඩිජිටල් තාක්ෂණය මගින් බලගැන්වූ සුවසේවාවන්ගේ සහ සුවපත් දිවිපෙවතකට අවැසි භාණ්ඩ හා සේවා පිළිබඳ පිබිදීමක් ලෝකයේ සමෘද්ධිමත් ආර්ථිකයන් සහිත රටවල දක්නට ලැබෙනවා. මිලියන 6.71ක් බවට සැලකෙන මෙරට අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී වේගවත් සංවර්ධනයක් සහිත ශ‍්‍රී ලංකාව වැනි රටවල් දියුණු ආර්ථිකයන්හි ප‍්‍රවණතා සැනෙකින් ග‍්‍රහනය කර ගන්නා බැවින් ඩිජිටල් තාක්ෂණික බලගැන්වීමක් සහිත සුවසේවා ක්ෂේත‍්‍රය තුළින් ඉමහත් ප‍්‍රතිලාභයක් ශ‍්‍රී ලාංකිකයින් අත් කර ගනු ඇති බව අප විශ්වාස කරනවා. විශේෂයෙන්ම වර්තමානයේ මෙම ඩිජිටල් තාක්ෂණය මත පදනම් වූ සේවාවන් වැඩි වශයෙන් තරුණ ප‍්‍රජාව පරිහරණය කරනු ලබනවා. දළ වශයෙන් මිලියන 6ක් වූ අන්තර්ජාලය පරිහරණය කරන්නන්ගෙන් 92‍% ක් තම ජංගම දුරකථනය හරහා සමාජ මාධ්‍ය භාවිතා කරන බවට සනාථ වී ඇති බැවින් ශ‍්‍රී ලංකාව තුළ ඩිජිටල් තාක්ෂණික සුවසේවා ක්ෂේත‍්‍රය ඉදිරියේදී විශාල පෙරලියක් සිදු කරනු ඇති බවට අප තුළ දැඩි විශ්වාසයක් පවතිනවා. එබැවින් ඩිජිටල් තාක්ෂණික සුවසේවා ක්ෂේත‍්‍රයේ පුරෝගාමී රෝහල් සමූහය ලෙස හේමාස් රෝහල් ජාලය ඩිජිටල් තාක්ෂණික සුව සේවා ඔස්සේ තම ජාත්‍යන්තර ප‍්‍රමිතිගත සුවසේවාවන් ශ‍්‍රී ලංකාවේ වැඩි පිරිසක් වෙත ලබා දීමේ අරමුණෙන් මෙම Hemas Health App ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දුන් බව මම ඉමහත් සතුටින් ප‍්‍රකාශ කරනවා. කාලය සහ මුදල් ඉතිරි කර ගනිමින් ජාත්‍යන්තර ප‍්‍රමිතිගත සුවසේවාවක් වෙත සමස්ත ශ‍්‍රී ලාංකිකයින්ට ප‍්‍රවේශ වීම සඳහා අප විසින් හඳුන්වාදුන් මෙම ජංගම දුරකථන යෙදවුම මෙරට සුවසේවා ක්ෂේත‍්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන බව අපට විශ්වාසයි’’ යනුවෙන් හේමාස් රෝහල් සමූහයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය ලකිත් පීරිස් මහතා අදහස් දැක්වීය.

    Hemas Health App ජංගම දුරකථන යෙදවුම හේමාස් සමූහයට අයත් ඩිජිටල් හෙල්ත් සොලූෂන්ස් පුද්ගලික සමාගම විසින් නිර්මාණය කළ අතර මෙම සමාගම ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණික සුවසේවා ක්ෂේත‍්‍රයේ පුරෝගාමී ආයතනය ලෙසින් හැඳින්විය හැක.

    ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් රෝහල් ජාලයක් වන හේමාස් රෝහල් සමුහය ACHSI හෙවත්  Australian Council for Healthcare Standards International ප‍්‍රමිතිකරණය ලද ශ‍්‍රි ලංකාවේ ප‍්‍රථම සහ එකම රෝහල් ජාලය වෙයි. එසේම OHSAS 18001^International Accreditation for Occupational Health and Safety Standards& සහතිකයද, 47ක් වූ සමස්ත හේමාස් රසායනාගාර ක‍්‍රියාවලිය සඳහා  ISO 15189:2012 තත්ත්ව සහතිකයද හේමාස් රෝහල සමුහය සතු වේ. 2008 වසරේදී මෙරට රෝහල් සේවා ක්ෂේත‍්‍රයට එක් වෙමින් වත්තල සහ ඉන් අනතුරුව තලවතුගොඩ අති නවීන රෝහල් ද්විත්වයක් ගොඩනැංවූ හේමාස් රෝහල් සමූහය වර්තමානයේදී කොළඹින් බැහැරව ක‍්‍රියාත්මක වන පුද්ගලික අංශයේ එකම විශේෂ ශ්‍රේණියේ රෝහල් ජාලය ද වන්නේය. පළපුරුදු විශේෂඥ වෛද්‍ය වෘත්තිකයන්ගෙන් ද දක්ෂ කාර්ය මණ්ඩලයකින් මෙන්ම නවීන වෛද්‍ය ක‍්‍රම මගින් රෝගීන්ගේ සුවතාව පිලිබඳ නිරතුරුවම සොයා බලන හේමාස් රෝහල් සමුහය ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් පිළිගත් ආරක්ෂණ ක‍්‍රමොපායන්ගෙන්ද පරිපූර්ණ මෙරට ජනතාවට දැරිය හැකි මිලකට සුවසේවා ලබා දෙන රෝහල් සමූහයකි. සමාජ අවශ්‍යතා අනුව කලානූරූපව වෙනස් වන හේමාස් රෝහල් ජාලය නුදුරේදීම සුපිරි විශේෂඥතාවක් සහිත රෝහල් සමූහයක් ලෙස බලගැන්වෙනු ඇත.

    සේයාරූ සටහන - වමේ සිට - නිශාන්ත ජයමාන්න (සාමාන්‍යාධිකාරී - අලෙවි සහ ව්‍යාපාර සංවර්ධන), මහාචාර්ය වජිර දිසානායක (කොළඹ විශ්ව විද ්‍යාලය), ආචාර්ය ලකිත් පීරිස් (කළමනාකාර අධ්‍යක්ෂ - හේමාස් රෝහල් සමූහය), චන්දිම කුරේ (ප්‍රධාන ඩිජිටල් නිලධාරී - හේමාස් හෝල්ඩිංග්ස්)