January, 22, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ප්‍රමුඛතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී 2026 මාර්තු 31 දිනෙන් අවසන් මූල්‍ය වර්ෂය වෙනුවෙන් අතුරු ලාභාංශයක් ප්‍රකාශයට පත් කර තිබේ. එහිදී එක් කොටසක් වෙනුවෙන් රු. 6ක ලාභාංශයක් නිවේදනය කර ඇත.
මේ අතර මීට සමගාමීව සමාගම විසින් රු. බිලියන 9ක ප්‍රාග්ධනයක් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් හිමිකම් නිකුතුවක් ද ප්‍රකාශයට පත් කර තිබේ. දැනට පවතින ඡන්ද බලය හිමි සෑම කොටස් 50කටම 3ක් බැගින් වන පරිදි මෙම හිමිකම් නිකුතුව සිදුකෙරෙන අතර එහිදී කොටස් මිලියන 45ක් අලුතෙන් නිකුත් කෙරෙනු ඇත. ඒ එක් කොටසක් රු. 200 බැගිනි.
සමාගම පවසන්නේ යෝජිත නව ආයෝජනයන් සහ පවතින ණයවලින් කොටසක් පියවීම වෙනුවෙන් මෙම අරමුදල් භාවිත කිරීමට නියමිත බවයි.
හේලීස් සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා සහ සමසභාපති හා අධ්‍යක්ෂ ධම්මික පෙරේරා මහතා ඉහත ඡායාරූපයෙන් දැක්වේ. හේලීස් පීඑල්සී පාලක කොටස් හිමිකාරීත්වය ධම්මික පෙරේරා මහතා සතු වන අතර සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් කොටස් මිලියන 382.59 ක් හෙවත් 51.01%ක් ඔහුගේ නම ඉදිරියෙන් ලියැවී තිබේ.
මේ සම්බන්ධ නිවේදනය පහතින් දැක්වේ.


Video Story