හේලීස් පවර් සමාගම සහ මිට්සුබිෂි හෙවී ඉන්ඩස්ට්‍රිස් එන්ජින් සිස්ටම්ස් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් හවුල්කාරීත්වයෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය කර්මාන්ත ක්ෂේත්‍රයේ පෙරළියක් අරඹයි

    April, 8, 2025

    සමුද්‍රීය ප්‍රචාලන සහ බල ශක්ති විසඳුම් සඳහා හවුල්කාරිත්වයක් අත්සන් තැබීම 

    ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් විවිධාංගිකරණය වූ සමාගම වන හේලීස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත 'හේලීස් පවර්' සමාගම සහ ලොව ප්‍රමුඛ පෙළේ ජපන් බහුජාතික සමාගමක් වන 'මිට්සුබිෂි හෙවී ඉන්ඩස්ට්‍රිස්' අතර  හවුල්කාරිත්වයක් පසුගිය දා ආරම්භ කෙරිණි.මෙම හවුල්කාරිත්වය ඔස්සේ, 'මිට්සුබිෂි' සමුද්‍ර එන්ජින් සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා බවට 'හේලීස් පවර්' සමාගම පත්විය. මෙම සහයෝගීතාවය, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය අංශය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ අතර ලොව පිළිගත් සමුද්‍රීය ප්‍රචාලන සහ බලශක්ති විසඳුම් ලාංකීය වෙළෙඳපලට ලබාදෙන්නේ ජපානයේ උසස් ඉංජිනේරු තාක්ෂණය මෙන්ම 'හේලීස් පවර්' විශ්වසනීයත්වය සහ ඉංජිනේරු  විශේෂඥතාවයද සමගිනි.රාජ්‍ය අංශය, සමුද්‍රීය කර්මාන්ත අංශයන් සහ අනෙකුත් අදාළ රාජ්‍ය අංශයන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී වූහ.

    සුවිශේෂී ඉන්ධන කාර්යක්ෂමතාවය, ශක්තිමත් (robust) ක්‍රියාකාරිත්වය සහ දිගුකල් පැවැත්ම සඳහා 'මිට්සුබිෂි' සමුද්‍ර එන්ජින් ලොව පුරා ඉතා ඉහළ පිළිගැනීමක් සහ ප්‍රසිද්ධියක් ලබා සිටියි. සෑම ගමන්වාරයක්ම විශ්වසනීයත්වය මත රඳා පවතින සමුද්‍ර කර්මාන්තයන්හිදී ඕනෑම දරුණු සමුද්‍ර පාරිසරික තත්ත්වයකට ගැළපෙන ආකාරයෙන් මෙම එන්ජින් නිමවා ඇති අතර, ප්‍රශස්ත බල ප්‍රතිදානයක් සනාථ කරයි. වාණිජ යාත්‍රා,ධීවර යාත්‍රා සිට ටග් යාත්‍රා (Tug Boats  ) සහ ගැඹුරු මුහුදේ සිදු කෙරෙන මෙහෙයුම් දක්වා විහිදුණු පුළුල් පරාසයක අවශ්‍යතාවන් මෙම නිෂ්පාදන පෙළ මගින් සපුරාලනු ලැබේ. ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට ඉහළ දායකයත්වයක් දක්වන ගැඹුරු මුහුදු  ධීවර කර්මාන්තය, ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවක් සහිත 'මිට්සුබිෂි' එන්ජින් මගින් විශාල  ප්‍රතිලාභ රැසක් ලබනු ඇත. අඩු මෙහෙයුම් පිරිවැය , එන්ජිමේ දිගුකල් පැවැත්ම සහ යාත්‍රාවේ සමස්ත කාර්ය සාධනය සහ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු වීම 'මිට්සුබිෂි' එන්ජින් භාවිතයෙන්  යාත්‍රා හිමියන්ට අත්විඳිය හැකි වාසි අතර වේ.

    මෙම සහයෝගීතාවය හරහා ආර්ථික ස්ථාවරත්වය වැඩිදියුණු කරන අතර  ආයෝජකයන්ගේ විශ්වාසය ශක්තිමත් කරමින් ප්‍රධාන කර්මාන්ත නැවත නඟා සිටුවීම සඳහා ශ්‍රී ලංකාව සතු හැකියාවන් මෙමඟින් පිළිබිඹු කරයි.මෙරට ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වෙමින් වර්ධනය කරා ගමන් කරන මෙම අවස්ථාවේදී 'මිට්සුබිෂි' ශ්‍රී ලංකා ආගමනය තව තවත් විදෙස් ආයෝජන සහ ව්‍යාපෘති සඳහා මඟ විවර කරනු ඇත. 'හේලීස් පවර්' සතු පුළුල් සේවා ජාලය සහ 'මිට්සුබිෂි' සුප්‍රසිද්ධ ඉංජිනේරු තාක්ෂණයේ සුසංයෝගය, ශ්‍රී ලංකාවේ සමුදුර ආශ්‍රිත කර්මාන්ත සඳහා නව මිනුම් සහ ප්‍රමිතීන් සකස් කරනු නොඅනුමානය. පුළුල් පරාසයක විහිදුණු අභ්‍යන්තර ප්‍රචාලන එන්ජින් සහ සමුද්‍ර ජෙනරේටර් යන්ත්‍ර, යාත්‍රා මෙහෙයුම්කරුවන්, යාත්‍රා නිපදවන්නන් සහ නාවික ඉංජිනේරුවන් අතට පත්වන්නේ, 'හේලීස් පවර්' විශේෂඥ මෙහෙයුම් සහ නඩත්තු සේවාවන්, අලුත්වැඩියාවන්, නැවත බලගැන්වීම් සහ නියම අමතර කොටස් ලබා ගැනීමේ පහසුව ද සමගිනි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් 'මිට්සුබිෂි හෙවී ඉන්ඩස්ට්‍රීස් එන්ජින් සිස්ටම්ස් ඒෂියා පෞද්ගලික සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ, නොරියෝ මුරකමි මහතා පැවසුවේ, "හේලීස් පවර් සහයෝගීතාවයෙන්  අපගේ සමුද්‍ර එන්ජින් නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකා වෙළෙඳපල  වෙත හඳුන්වාදීමට  ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. මෙම සහයෝගීතාවය ඔස්සේ යාත්‍රා මෙහෙයුම්කරුවන්ට ඉහළ මට්ටමේ ප්‍රචාලන විසඳුම් පමණක් නොව, දිගුකාලීන කාර්ය සාධනය සහ කාර්යක්ෂමතාවය සඳහා අවශ්‍ය විශේෂඥතාවය සහ තාක්ෂණික සහය ද සහතික වෙනවා." යනුවෙනි.

    'හේලීස් පවර්' කළමනාකාර අධ්‍යක්ෂ වසභ ජයසේකර සිය අදහස් එකතු කරමින් මෙසේ සඳහන් කළේය." මෙම සහයෝගීතාවය, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය කර්මාන්ත ක්ෂේත්‍රයේ පරිවර්තනයක් සිදුකරනු නොඅනුමානයි. 'මිට්සුබිෂි' ලොව සුපතල, උසස් සමුද්‍ර එන්ජින් මෙරට නෞකා සහ යාත්‍රා මෙහෙයුම්කරුවන්ට ලැබෙන්නේ, විශිෂ්ට, ඉන්ධන කාර්යක්ෂම තාක්ෂණයෙන් පමණක් නොව, 'හේලීස් පවර්' අනර්ඝ අලෙවියෙන් පසු සේවාවන් ද සමඟයි. සෑම මුහුදු ගමන් වාරයකම විශ්වාසනීයත්වය තහවුරු කිරීමට එය ඉතා වැදගත්. තාක්ෂණයෙන් උසස් මෙන්ම තිරසාර සමුද්‍ර කර්මාන්ත ක්ෂේත්‍රයක් ඇති කිරීම පිළිබඳ අපගේ පොදු දැක්ම ශක්තිමත් කරමින් තව තවත් දියුණු විසඳුම් හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා."

    හේලීස් සමූහ ව්‍යාපාරයෙහි බලශක්ති අංශයට අයත් 'හේලීස් පවර්' එහි ඉංජිනේරු සහ බලශක්ති අංශයන් ඒකාබද්ධ කරමින් සිටියි. මෙගාවොට් හතළිස් අටක (48) කුඩා ජල විදුලි , සුළං සහ සූර්ය බලශක්ති  ව්‍යාපෘති සමඟින් මේවනවිටත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සැලකිය යුතු ප්‍රගතියක් ලබා සිටින මෙම සමාගම, එහි සමුද්‍ර ඉංජිනේරු හැකියාවන් සවිමත් කරමින්, ශ්‍රී ලංකාවේ සමුද්‍ර අංශයට වැඩි කාර්යක්ෂමතාවක් සහ වඩාත් තිරසාර ප්‍රමුඛ පෙළේ විසඳුම් ලබා දෙමින් සිටියි.

    ඉහළ කාර්ය සාධනයක් සහිත එන්ජින්වලට අමතරව 'හේලීස් පවර්' මගින් ස්ථාපන, නඩත්තු සේවාවන් සහ නැවත බලගැන්වීමේ ව්‍යාපෘතීන්ද  සිදු කරනු ලබන්නේ කිසිදු බාධාවකින් තොරව යාත්‍රා මෙහෙයුම් කටයුතු සවිබල ගැනීමටය. මාලඹේ පිහිටා ඇති නවීන තාක්ෂණික පහසුකම් සහ විශ්ලේෂණ මෙවලම්වලින් සමන්විත සේවා මධ්‍යස්ථානය, 'මිට්සුබිෂි' සමුද්‍ර එන්ජින් සඳහා නිරවද්‍ය නඩත්තු සහ තාක්ෂණික සහාය ලබාදීම සහතික කරයි.

    ඡායාරූප සිරස්තලය (වමේ සිට දකුණට) - 'හේලීස් පවර්' කළමනාකාර අධ්‍යක්ෂ වසභ ජයසේකර මහතා,හේලීස් සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා සහ 'මිට්සුබිෂි හෙවී ඉන්ඩස්ට්‍රීස් එන්ජින් සිස්ටම්ස් ඒෂියා කළමනාකාර අධ්‍යක්ෂ නොරියෝ මුරකමි මහතා, 'හේලීස් පවර් සහ  'මිට්සුබිෂි' අතර හවුල්කාරීත්වය දියත් කරමින්.

    Video Story

    ජාත්‍යන්තරයට යන ලංකාවේ පළමුවෙනි English Animation Movie එකBIG FOCUS | සංචාරක ආකර්ෂණය හා ඉහළ යන අපේ වටිනාකමශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුමඅයවැය ලියවිල්ල සහ මහජන අපේක්ෂා | අලුත් පාර්ලිමේන්තුවදකුණුලකට හිල්ටන් හෝටලය ගෙනා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා | Travel With Chaturaමේ ඔක්කොම පිරමීඩද? | අලුත් පාර්ලිමේන්තුවආනයන සීමා ඉවත් වෙන වාහන මෙන්නDerana 360 | ශෙහාන් සේමසිංහIMF තීරණය අභිමුව කොටස් වෙළෙඳපාළේ ඉහළ යාමක්, විදෙස් ආයෝජකයෝ අදත් සක්‍රීයයිලංකාවේ කොටස් වෙළෙඳපොළට විදෙස් ආයෝජකයින්ගේ උනන්දුව වැඩිවෙයිකොටස් වෙළෙඳපොළ අදත් පහළටකොටස් වෙළෙඳපොළ ඒකක 111කින් ඉහළටඅඛණ්ඩව දෙවන දිනයටත් කොටස් වෙළෙඳපොළ පහළටමෙම සතියේ අඛණ්ඩව දෙවන දිනයටත් කොටස් වෙළෙඳපොළ ඉහළටකොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් - 2023.02.20කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.02.13කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.02.09කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.02.08කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.02.03කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.02.02කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.01.26රට කොතැනද?කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.01.13කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.01.12කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.01.10කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.01.09කොළඹ කොටස් වෙළෙඳපොළ 2023.01.04BIG FOCUS | යෝජිත ආර්ථික ප්‍රතිසංස්කරණ අපේක්ෂිත අරමුණු ඉටු කරයිද?රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සැබෑව සහ යථාව | අලුත් පාර්ලිමේන්තුවBIG FOCUS | 2023 අයවැය ආර්ථික අර්බුදයට විසඳුමක්ද?Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වාආර්ථිකය යළි ගොඩනැංවීම හා අපේ වගකීමආර්ථික අර්බුදයේ තිත්ත ඇත්ත මහ බැංකු අධිපති හෙළිකරයිREBUILD SRI LANKA | පෝලිම් අඩුකළ QR මෙහෙයුමයළි ගොඩනැගෙන ශ්‍රී ලාංකේය ආර්ථිකයDerana 360 | විශේෂ වැඩසටහන | ආචාර්ය නන්දලාල් වීරසිංහඉවතලන ප්ලාස්ටික් බෝතල්වලින් රටට ඩොලර් ගෙනෙන ශ්‍රී ලාංකිකයෝBIG FOCUS | ආර්ථික අභියෝග, විශේෂඥ මත සහ රටේ අනාගතයඅර්බුදයෙන් ගොඩඑන මඟ මහ බැංකු අධිපති කියයිකෝප් කමිටුවට ආ මහ බැංකු අධිපති ඇත්තම කියයිනව අගමැතිගේ ආර්ථික නැඹුරුව හා අනාගත ශ්‍රී ලංකාවවත්මන් ආර්ථික තත්ත්වයBIG FOCUS | ආර්ථික අර්බුදය, විදෙස් සහන ණය හා අපේ රටDerana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වාආර්ථික අර්බුදයේ නොපෙනෙන අවදානමDerana 360 | එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහවිදේශ විනිමය අර්බුදයෙන් ගොඩ එන මඟඩොලරය ගැන මහ බැංකුව ගත් තීරණය ප්‍රායෝගිකද?ඩොලර් ප්‍රශ්නය හමුවේ බිඳවැටෙන මෙරට ආර්ථිකයරටට අවශ්‍ය ඩොලර් රට තුළ උපදවන්නේ කෙසේද ?මෙරට ඉදිවන විශාලතම සිමෙන්ති කම්හල"එක්ව ජයගමු" විශේෂ වැඩසටහනකොවිඩ් වලින් පසු රටට ආයෝජන ගෙන එන්නේ කෙසේ ද? | BIG FOCUSකොළඹ කොටස් වෙළෙඳ පොළේ නව පිබිදීමනැගෙනහිර පර්යන්තය විදෙස් සමාගමකට පැවරීමේ තීරණයක් නැහැ - අගමැතිශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2020 අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කතාවඑක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා අද දෙරණ 24 සමඟ කළ සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවවසර 28කට පසු අපනයන සංවර්ධන සභාව රැස්වෙයිCOVID-19 ව්‍යාප්තිය සමග අපනයන ක්ෂේත්‍රය මුහුණදෙන ගැටලු | OPEN MICමහ බැංකුවේ ලියාපදිංචි නොවූ කිසිම ආයතනයකට ලිසිං දෙන්න බැහැ - මහ බැංකු අධිපතිප්‍රතිපත්ති තීරණ සහ ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයCOVID-19 හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික දිශානතියCOVID-19 මගින් ඇතිවිය හැකි ආර්ථික බලපෑම හමුවේ මහා බැංකුවේ ක්‍රියාමාර්ගකොරෝනා (COVID-19) වසංගතය ව්‍යාප්ත වීම මධ්‍යයේ ආර්ථික කටයුතු වෙත ඇති විය හැකි බලපෑම වළක්වාලීමBIG FOCUS : බදු සහනවලින් ජනතාවට ලැබෙන වාසිකොළඹ වරාය සංවර්ධනය උදෙසා වූ ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව අතර සහයෝගීතා ගිවිසුම අත්සන් කෙරේපාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයරියැදුරු අසුන වෙල්ගමට. මලික් පිටුපසටඩොලර් මිලියන 3,850 ක ඉතිහාසයේ විශාලතම සෘජු විදේශ ආයෝජනය හම්බන්තොට මිරිජ්ජවිලටඅපි ඉස්සරහට පරදින එකනම් ෂුවර් - ධම්මික ක්‍රිකට් ගැන කතා කරයිDissecting Budget 2019ජාතික ආර්ථික සභාවෙන් වෙන දේ මෙන්නබදු ප්‍රතිපත්ති ස්ථාවරව පවත්වා ගෙන යන්න - ඩිල්ෂාන් වීරසේකරගොඩ කර අවසන් කළ වරාය නගරයවෝහාරික විගණනයේ සම්පූර්ණ භාරකාරයා විගණකාධිපතිඩොලරයත් සමඟම වාහන මිල ඉහළටශ්‍රී ලංකාව මුහුණ දෙන සැබෑ ආර්ථික ගැටළු2018 අයවැයේ කඩවුණු පොරොන්දුඩොනල්ඩ් ට්‍රම්ප් ඩොලරය ශක්තිමත් කල හැටිසමාජය පොහාසත් නම්, අපට සුපිරි පොහොසතුන් වෙන්න පුළුවන් - ධම්මික පෙරේරාසංචාරක මගී නෞකා කර්මාන්තය කොයිබට ද?ශ්‍රී ලංකාවේ ඇලුමීනියම් හැඩගැස්වීමේ කර්මාන්තයේ හෙට දවසසුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් කොළඹ කොටස් වෙළදපොලේ නවතම පුවරුවක්සිංගප්පූරු ගිවිසුමෙන් ලොකුම ප්‍රතිලාභය ලැබෙන්නේ ආයෝජනවලින්Youtube නිර්මාණකරුවන්ට ශ්‍රී ලංකාව තුල මුදල් ඉපයීමේ කදිම අවස්ථාවක්දේශීය ව්‍යවසායකයා ආරක්ෂා වන අයුරින් නිදහස් වෙළෙඳ ගිවිසුම් සකස් කළ යුතුයි - දිනුක් හෙට්ටිආරච්චිතව වසර 3 කින් කොළඹ ඒක පුද්ගල ආදායම ඩොලර් 12,650 යිකුඩා වෙළෙඳපොළක් මඟින් ආර්ථික වර්ධනයක් ලබාගත නොහැකියිBIG FOCUS : අධික බදු බර සහ රුපියල අවප්‍රමාණය වීමනව ආර්ථික වැඩපිළිවෙලක් - මහාචාර්ය ලලිත් සමරකෝන්රජයේ දුර්වල ආර්ථික ප්‍රතිපත්තිය රුපියල කඩා වැටෙන්න හේතුවෙලා – ආචාර්ය ප්‍රියංග දුනුසිංහBitcoin - ලාභ, පාඩු, අවදානම් විශේෂඥයෙකුගෙන් දැනගනිමුපොළී මුදලාලි නීති විරෝධී නැහැ - ජෙ.නි. මහ බැංකු අධිපති කියයිපඩිය ලක්ෂයට වැඩි නම් මේ මාසයේ සිට Paye කැපෙන්නේ මෙහෙමයිජපාන - ශ්‍රී ලංකා ආයෝජන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්Evening with a Corporate Leader : ධම්මික පෙරේරාමිලියන 4 ක සංචාරකයින් ගෙන්වන ධම්මිකගේ සැලැස්ම මෙන්නගෑස් මිල ඉහළට?ETI - නව ආයෝජකයා තැන්පත්කරුවන්ට වාසිදායක විය යුතුයිකොටස් වෙළෙඳපොළේ EPF ආයෝජන විනිවිදභාවයකින් සිදුකරනවා - සහකාර මහ බැංකු අධිපති කේ.ඩී රණසිංහදේශපාලන ස්ථාවරභාවය අත්‍යාවශ්‍යයි - මහ බැංකු අධිපතිඅයවැය ක්‍රියාත්මක කිරීමේ දී පාර්ලිමේන්තුවේ අධීක්ෂණය දුර්වලයි2018 වසරට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් LVL Energy Fund කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවට එක්වෙයිඅමෙරිකාවේ GSP සහනය 31 අවසන්තේ ගැටළුව ගැන ජනපති මෛත්‍රීගෙන්, රුසියානු ජනපතිට නිල ඉල්ලීමක්ජැට් හෝල්ඩිංග්ස් සිංගප්පූරුවේ කොටස් වෙළෙඳපොළට...රුපියල් බිලියන 1.2 ක LVL Energy Fund මූලික කොටස් නිකුතුව ඇරඹෙයිලංකාව හා ද.කොරියාව අතර ගිවිසුම් 5ක් අත්සන් තැබේඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසම හමුවටණය බරින් මිරිකී සිටින ජනතාව ගැන මහ බැංකුවේ අවධානය දැඩිවෙයිතෙල් නැව ප්‍රතික්ෂේප වූ හැටි ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන කියයිවරාය නගරයේ බ්ම් සැකසුම 50%ක් අවසන්ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර ඩිජිටල්කරණය ගැන අවබෝධතා ගිවිසුමක් ලඟදීමලිට්ල් හාර්ට් සඳහා DSL ආයතනය අනුග්‍රහය දක්වයිශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන විශාලම නෞකාව ජපානයටබැදුම්කර සිද්ධියට අදාල දුරකථන හඬපට සතිත ඩීවීඩී තැටි කීපයක් කොමිසම භාරයටබැඳුම්කර කොමිසමට ඉදිරිපත් කළ ලිපිගොනුවල වෙනසක්නුවරඑළියේ සුපිරි හෝටලය ජනපති අතින් විවෘත කෙරේනව දේශීය ආදායම් පනත් කෙටුම්පත් විවාදය සිකුරාදාශ්‍රී ලාංකිකයෙක් ලොව විශාලතම මගී ගුවන් යානය කටුනායකට ගොඩබස්සවයිනව රේගු පනතක් ළඟදීමඅර්ජුන මහේන්ද්‍රන්ගේ තර්ජනයක් ගැන හෙළිදරව්වක්දේශීය ආයෝජකයින්ට කොටස් වෙළෙඳපොළ සම්මන්ත්‍රණඇලෝසියස්ගේ ලැප්ටොප් හා ෆෝන් ඉල්ලා කොමිසමෙන් නියෝගයක්ශී‍්‍ර ලංකා රේගුව රේගු නිශ්කාෂණය සඳහා අන්තර්ජාල ගෙවීම් වේදිකාවක් හඳුන්වා දෙයිඋසම බිල්ඩිමේ දෙදරන කතා – වර්ල්ඩ් කැපිටල් සෙන්ටර්IMF දෙවන වාරිකය අනුමතයිඅමාරු වුණත් තීරණ ගෙන ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි.රවී කරුණානායකගේ අමාත්‍යාංශ වල නොගැලපීමක් ගැන බන්දුල කියයිඉදිරියේදී උපරිමයෙන් කැපවී වැඩකටයුතු කරනවාහානියට පත් ව්‍යාපාර පිළිබඳ සංගණනයක් ඇරඹෙයිශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම දෙවනවරටත් ලන්සු කැඳවීමට සූදානම් - කබීර් හෂීම්මෙරට ආර්ථීකය අපනයන ආර්ථිකයක් බවට පත් කරනවාThe ODEL MallWe will bring in new legislation – PM (English)All securities issued by the government are absolutely safe – CB Governor
    The requested content cannot be found
    ජාත්‍යන්තරයට යන ලංකාවේ පළමුවෙනි English Animation Movie එක

    Stock Market

    Exchange Rates