October, 22, 2025
ශ්‍රී ලංකාවේ වඩාත්ම විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහය වන හේලීස් පීඑල්සී, මහා පරිමාණ සුපිරි වෙළඳසැල් අංශයට උපායමාර්ගිකව පිවිසීමට බලාපොරොත්තු වන බව නිවේදනය කර සිටී.
ඒ අනුව හේලීස් සමූහය මෙරට ප්‍රධාන නාගරික සහ තදාසන්න ප්‍රදේශ ආවරණය කෙරෙන පරිදි අලෙවිසැල් 100ක මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු වීම, නාගරීකරණය ඉහළ යාම සහ පාරිභෝගික ජීවන රටාවන්හි වර්ධනය වන නවීනත්වයත් සමඟ, රටේ සිල්ලර අංශයේ වර්ධනය සඳහා දැවැන්ත විභවයක් හේලීස් අපේක්ෂා කරන එහි පියවරක් ලෙසින් මෙම ව්‍යාපාර මුලපිරීමට හේලීස් සමූහය කටයුතු කර ඇත.
Video Story