May, 22, 2018
මෙරට ප්‍රධාන පෙළේ සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී 2018 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය වෙනුවෙන් වූ මූල්‍ය වාර්තා ඊයේ (21) දිනයේ දී ප්‍රකාශයට පත් කළ අතර එහිදී ඩොලර් බිලියනය ඉක්මවූ පිරිවැටුමක් වාර්තා විය. එහිදී සමාගමේ බදුගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 3.27 ක් ලෙසින් සටහන් වී තිබේ.
මේ අතර 2017/18 මූල්‍ය වර්ෂය වෙනුවෙන් එක් කොටසක් සඳහා රු. 5.00 බැගින් වන පරිදි ලාභාංශයක් ද නිවේදනය කිරීමට ද හේලීස් පීඑල්සී කටයුතු කරනු ලැබීය.
සමාගමේ විශාලතම කොටස් හිමියා වන්නේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාය. හේලීස් පීඑල්සී හි සමස්ත කොටස් ප්‍රමාණයෙන් 50.44% ක අයිතිය ඔහු සතුවේ. එනම් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 37.82 (37,829,697) කි.
මේ අනුව හේලීස් සමාගම වෙතින් ලාභාංශ වශයෙන් රුපියල් මිලියන 189 ඉක්මවූ ආදායමකට ධම්මික පෙරේරා මහතා හිමිකම් කියනු ඇත.
2018 ජූලි 10 දින ලාභාංශ ගෙවීම සිදුකිරීමට නියමිතය.