හොල්සිම් ලංකා නව හිමිකරුවෝ ජනපති හමුවෙති

    August, 10, 2016

    පුත්තලම හා ගාල්ල සිමෙන්ති කර්මාන්ත ශාලා සඳහා නව ආයෝජන සිදු කිරිමට තායිලන්තයේ ප‍්‍රධාන සිමෙන්ති නිෂ්පාදන ආයතනයක් වන සියාම් සිටි, ආයතනය කැමැත්ත පළ කරන බව එහි ප‍්‍රධාන විධායක නිලධාරි Siva Mahasandana මහතා ඇතුළු ප‍්‍රධාන පෙළේ නිලධාරින් පිරිසක් ඊයේ (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේදී ලවසන ලදී.

    ශී‍්‍ර ලංකාව අද ලබා තිබෙන ආර්ථික වර්ධන වේගය මෙහිදී මෙම නියෝජිත පිරිසගේ ඇගයීමට ලක් වූ අතර ශී‍්‍ර ලංකාව අද ආයෝජන සඳහා ඉතා සුදුසු රටක් බවත් ඉදිරියේදී ශී‍්‍ර ලංකාව තුළ තවත් ආයෝජන රැසක් සිදු කිරීමට තම සමාගම කැමැත්තෙන් සිටින බවත් ප‍්‍රකාශ කළේය.

    ශී‍්‍ර ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා නියෝජිත පිරිස දීර්ඝ වශයෙන් දැනුවත් කළේය.

    ශී‍්‍ර ලංකාවේ තායිලන්ත තානාපතිවරයා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    පුත්තලම හොල්සිම් ලංකා සිමෙන්ති කම්හලේ හිමිකාරීත්වය දැරූ ලෆාජ් හොල්සිම් සමාගම සිය අයිතිය පසුගිය දා තායිලන්තයේ සියාමි සිටි සමාගම වෙත විකුණා දැමීය. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 400 ක මිලකටය.