December, 11, 2015
හොල්සිම් ලංකා සමාගම විසින් ත්‍රිකුණාමලය වෙත ආනයනය කරනු ලබන ගල් අඟුරු, ත්‍රිකුණාමලය චීන වරාය දුම්රිය ස්ථානයේ සිට මහව දුම්රිය ස්ථානය දක්වා මෙහෙයුම් පිරිවැය පදනම් කර ගනිමින් ගාස්තු අයකිරීමට යටත්ව ප්‍රවාහනය කිරීම සඳහා ගිවිසුමකට එළඹීමට රජය පියවර ගෙන ඇත.
මෙ වන විට ලෝකයේ බොහෝ රටවල භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය පරිවහන මාධ්‍ය වැඩිවශයෙන් යොදා ගත්ත ද, තොරතුරු වාර්තා අනුව සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන ආදායමට සාපේක්ෂව භාණ්ඩ ප්‍රවාහන ආදායම පහළ මට්ටමක පවතින බවයි.
මේ අනුව දුම්රිය භාණ්ඩ පරිවහන ආදායම ඉහළ නැංවීමේ අරමුණින් සම්ප්‍රදායික නොවන භාණ්ඩ ප්‍රවාහන ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණින් යුතුව දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් මෙම පියවර ගෙන තිබේ.
Video Story