හොල්සිම් (ලංකා) සමාගමට ඩීමෝ (ලංකා) වෙතින් මෙරට විශාලතම ඩෝසරය හිමි වෙයි

    February, 10, 2016

    ලෆාජ් හොල්සිම් සමූහයේ සාමාජිකයකු වන හොල්සිම් (ලංකා) සමාගම වැඩබිම තුළ සුරක්ෂිතතාව හා දියුණු තාක්ෂණය යොදාගැනීමට දක්වන අඛණ්ඩ දායකත්වය තවදුරටත් පිළිබිඹු කරමින් ඩීමෝ (ලංකා) සමාගම මගින් ගෙන්වූ මෙරට විශාලතම ඩෝසරයට හිමිකම් කීමට සමත්විය. මේ අනුව ඩීමෝ (ලංකා) සමාගම හා හොල්සිම් (ලංකා) සමාගමේ හවුල්කාරීත්වය ඔස්සේ මෙරටට ගෙන්වූ D375A-6R ඩෝසරය නිල වශයෙන් හොල්සිම් (ලංකා) සමාගමට භාරදීමේ අවස්ථාව පසුගියදා සිදුවිය. D375A-6R ඩෝසරය හුණුගල් ලබාගැනීම හා හුණුගල් ඩෝසර් කිරීම වැනි ප‍්‍රධාන මෙහෙයුම් කටයුතු වලට යොදාගැනීමට නියමිතය.

    හොල්සිම් (ලංකා) සමාගමේ මෙහෙයුම් කටයුතු වලට යොදාගැනීමට නියමිත නවතම තුන්වන පරපුරේ D375A-6R ඩෝසරය මෙරට පවතින විශාලතම ඩෝසරය ද වෙයි. Komatsu D375A-5 ඩෝසරයට අදාළව වසර 11 ක සම්පූර්ණ නඩත්තු ගිවිසුමකට ද හොල්සිම් (ලංකා) සමාගම එළඹ තිබෙන අතර සුවිශාල D375A-6R ඩෝසරය හොල්සිම් (ලංකා) සමාගමට ඩීමෝ සමාගම මගින් ලබාදෙන ලද දෙවැනි ඩෝසරය ද වෙයි. හොල්සිම් (ලංකා) සමාගම, නවතම මෙන්ම වැඩිදියුණු කරන ලද Komatsu D375A-6R ඩෝසරය ලබාගැනීමට සමත් වූ මෙරට පළමු සමාගම වන අතර ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ සබැඳියාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඩීමෝ සමාගම සමග වසර 10 ක නඩත්තු ගිවිසුමකට ද එළඹී ඇත.

    ‘‘සිමෙන්ති වලට පවතින වැඩිවන ඉල්ලූමත් සමග ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ සුරක්ෂිතතාව හා තාක්ෂණයට අදාළ දැවැන්ත වෙනසක් ඇතිකිරීමට මෙම ඩෝසරය සමත් වනු ඇත. සෑමවිටම නව්‍යකරණයේ ප‍්‍රමුඛස්ථානය හිමිකරගෙන සිටින හොල්සිම් (ලංකා) සමාගම මෙම ඩෝසරය හිමි එකම හිමිකරු හා මෙහෙයුම්කරු ලෙස මෙරට ඉදිකිරීම් ක්ෂේත‍්‍රය තුළ කාර්යක්ෂමතාව, ඵලදායිතාව ප‍්‍රවර්ධනය කරමින් එය සවිබල ගැන්වීමට සමත්ව සිටී.’’ හොල්සිම් (ලංකා) සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරි පිලිප් රිචාර්ට් මහතා පැවසුවේය.

    D375A-6R ඩෝසරය සුවිශේෂී බලයෙන් මෙන්ම සමබරතාවයෙන් යුතුව නිර්මාණය වූවකි. D375A-6R ඩෝසරය සතුව සුවිශේෂී හැකියාවන් රාශියක් පවතියි. කැණීම් සිදුකිරීම හා පහසුවෙන් අමුද්‍රව්‍ය තල්ලූ කිරීමේ හැකියාව, බෑවුම් වල සිදුකරන මෙහෙයුම් වලදී හා අමුද්‍රව්‍ය කොටස් කිරීමේදී සමබරතාවය ස්ථාවරව පවත්වාගැනීම ආදියේදී මෙම ඩෝසරයේ ක‍්‍රියාකාරීත්වය අතිශයින් වැදගත්ය. D375A-6R ඩෝසරයේ සුරක්ෂිත ව්‍යවර්ත පරිවර්තකය මගින් වේගය හා ක‍්‍රියාකාරීත්වය වැඩිකිරීම සිදුකරයි. එමෙන්ම, සුවිශේෂී සුරක්ෂිත අංග කිහිපයකින්ම මෙම ඩෝසරය සමන්විත වී ඇත. කිසියම් අනතුරක් සිදුවුවහොත් රියදුරු ආරක්ෂා කිරීමට සමත් වන විශේෂ උඩු ආවරණයක් D375A-6R ඩෝසරය සතු අතර වැඩබිමේදී සේවක සුරක්ෂිතතාව සහතික කිරීමට ද මෙමගින් හැකියාව ලැබෙයි. සුවිශේෂී හඳුනාගැනීමේ හැකියාවෙන් යුතු බහුකාර්ය එල්සීඞී තිරයකින් ද පිටුපස පරිසරය මනාව දැකගත හැකි කැමරා, ඉන්ධන කාර්යක්ෂමතාව මෙන්ම ඉහළ ඉන්ධන ධාරිතාවක් ද D375A-6R ඩෝසරය සතුය. මෙය මීට පෙර පැවති D375A-5 ඩෝසරයට වඩා අශ්ව බල 85 ක ජවයකින් හා සියයට 14 ක ශක්තියෙන් යුක්තය.

    ‘‘හොල්සිම් (ලංකා) සමාගමට තවදුරටත් දියුණුව කරා ගමන් කිරීමට අවශ්‍ය සවිබලය ලබාදෙමින් D375A-6R ඩෝසරය අලෙවි කිරීම පිළිබඳ ඩීමෝ සමාගමට ස්තුතිවන්ත වෙනවා.’’ පිලිප් රිචාර්ට් මහතා වැඩිදුරටත් පැවසුවේය.

    නව්‍යකරණය හා සුවිශේෂී තාක්ෂණයෙන් යුතු Komatsu වාහන වල සුවිශේෂී අංග ගණනාවක් පවතියි. වාහනයේ තත්වය පරීක්ෂා කිරීමේ දුරස්ථ ඒකකය මගින් දුර සිට වුවද වාහනයේ තත්වය පරික්ෂා කළ හැකිය. මෙමගින් තථ්‍ය කාලයේදීම වැඩබිම තුළ සිදුකරන මෙහෙයුම් ඇගයීම, ඉංජිනේරු මහත්වරු හට සේවකයින්ගේ ජීවිත ක්ෂණිකව රැකගැනීමේ තීරණගැනීමට අවස්ථාව ලබාදීම ආදිය ද සිදුකළ හැකිය. සුවිශේෂී රියදුරු අසුන, වායුසමීකරණය කරන ලද රියදුරු කුටිය, වැඩ අධ්‍යයනය කිරීමේ පද්ධතිය, මනාව හා ආරක්ෂිතව මෙහෙයුම් කටයුතු සිදුකිරීමේ අවස්ථාව සලසන අත්වැල ද මීට අමතරව දැකගත හැකිය.

    ‘‘දැවැන්ත මෙන්ම ප‍්‍රමුඛ පෙළේ සමාගම් වලට සවිබලය ලබාදීමට හැකිවීම අපට මහත් ආඩම්බරයකි. දිගුකල් පවතින හා විශ්වාස තැබිය හැකි යන්ත‍්‍ර ලෙස Komatsu සුවිශේෂී නාමයක් හිමිකරගෙන සිටිනවා. හොල්සිම් (ලංකා) සමාගම සමග එක්වී කටයුතු කිරීමට ලැබීම හා හොල්සිම් සමාගමේ කටයුතු වලට සහය ලබාදීමට හැකිවීම ඩීමෝ (ලංකා) සමාගමට හිමිවුණු මහත් ගෞරවයක් ලෙස සලකනවා. මෙම හවුල්කාරීත්වය ඔස්සේ ශක්තිමත් ගමනක් යෑමට හැකිවනු ඇති බව නිසැකයි.’’ ඩීමෝ (ලංකා) සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා පැවසුවේය.
    මෙරට තුළ වසර 45 ක් පුරා Komatsu ඉදිකිරීම් යන්ත‍්‍ර හා කැණීම් මෙවලම් බෙදාහැරීම් සිදුකිරීමේ බලයලත් එකම බෙදාහැරීම් සමාගම වන්නේ ද ඩීමෝ (ලංකා) සමාගමයි.