August, 26, 2014
මෙරටට මේ වසරේදී එන දස ලක්ෂ වැනි සංචාරකයා අද හෙටම පැමිණෙනු ඇති බවත් ඔහු හෝ ඇය පිළිගැනීමට සූදානමින් සිටින බවත් සංචාරකයින් ගෙන්වන්නන්ගේ සංගමයේ සභාපති (Sri Lanka Inbound tour operator’s association) මහේන්ද්‍ර කාරියවසම් මහතා පැවසීය.
ගිය වසරේදී සංචාරකයින් මිලියනයේ සීමාව ලංකාව සපුරා ගත්තේ 2013 නොවැම්බර් මාසය අවසානයේදී වන අතර මෙවර එම සීමාව අගෝස්තු අවසානයේදී හෝ සැප්තැම්බර් මුලදී සපුරා ගැනීමට හැකිවනු ඇතැයි කාරියවසම් මහතා සඳහන් කළේය.
සමස්තයක් ලෙස ගත්විට මේ වසරේ ජූලි දක්වා මෙරටට ආ සංචාරකයින් ප්‍රමාණය සියයට 24.7 කින් වර්ධනය වී සංචාරකයින් 861,32 දෙනෙකු පැමිණ තිබෙන අතර ඩොලර් මිලියන 1,244.4 ක ආදායමක් ලබා තිබෙන්නේ සියයට 33.9 ක ආදායම් වර්ධනයක් ලබාගනිමිනි.
පසුගිය වසරේදී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 1.5 ක ආදායමක් උපයාගත් අතර එම ආදායම මේ වසරේදී ඩොලර් බිලියන 1.8 ක් දක්වා වර්ධනය කිරීමට ඉලක්ක කර තිබේ.
2016 වසරේදී මෙරටට සංචාරකයින් මිලියන 2.5 ක් ගෙන්වා ගැනීම අපේක්ෂාවයි.
Video Story