May, 3, 2016
රයිනෝ, රැම්කෝ, අලියා මැස්කනයිට් සහ සීගිරි යන මෙරට ප්රමුඛ පෙළේ ක්‍රිසොටයිල් සෙවිලි තහඩු නිෂ්පාදකයන්ගේ දායකත්වය
කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවෙහි ගරු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මැතිතුමන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් ෆයිබර් සිමෙන්ති සෙවිලි තහඩු නිෂ්පාදකයන්ගේ සංගමය විසින් පසුගිය අප්‍රේල් 20 වනදා ඇතිවූ සුළි සුළගෙන් විපතට පත් වු කොළොන්නාව ජනතාව වෙත ක්‍රිසොටයිල් සෙවිලි තහඩු ලබාදීමේ සමාජ සත්කාරයක නිරත විය. මෙම සෙවිලි තහඩු ප්රදානය කිරිම සිදුකෙරුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ලේකම් සහ ගරු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙනි. ඒ සඳහා ගරු ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ බස්නාහිර පළාත් ගරු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මැතිතුමන්ද ගෞරවණීය අමුත්තන් ලෙස සහභාගි විය.
ඒ අනුව පසුගියදා ඇතිවූ සුළි සුළගෙන් කොළොන්නාව ප්‍රදේශයේ විපතට පත් වු පවුල් 286 ක් වෙත රුපියල් ලක්ෂ 36 ක් වටිනා ක්‍රිසොටයිල් මෙම සෙවිලි තහඩු ඛෙදාදීමට සහභාගි වූයේ රයිනෝ, රැම්කෝ, අලියා මැස්කනයිට් සහ සීගිරි යන මෙරට ප්රමුඛ පෙළේ ක්‍රිසොටයිල් සෙවිලි තහඩු නිෂ්පාදකයන් වීම තවත් එක් විශේෂත්වයකි.
රයිනෝ, රැම්කෝ, අලියා මැස්කනයිට් සහ සීගිරි යන මෙරට ප්රමුඛ පෙළේ ක්‍රිසොටයිල් සෙවිලි තහඩු නිෂ්පාදකයන් එක්ව ෆයිබර් සිමෙන්ති සෙවිලි තහඩු නිෂ්පාදකයන්ගේ සංගමය පිහිටුවාගෙන ඇති අතර ඔවුන් දිවයිනේ රුදුරු ව්‍යසනයන්හිදී ජනතාවට සෙවණ සලසා දීමේ අරමුණෙන් ක්‍රිසොටයිල් සෙවිලි තහඩු ලබාදීමේ සමාජ මෙහෙවරේ පෙරමුණ ගෙන සිටියි.
ක්‍රිසොටයිල් සෙවිලි තහඩු නිෂ්පාදනයේ සංයුතිය වන්නේ 92% ක්ම සිමෙන්ති සහ ජලයයි. ඉතිරි 8% ක්‍රිසොටයිල් ෆයිබර් වෙයි. ක්‍රිසොටයිල් ෆයිබර් යනු පෘථීවි ස්ථරයේ මැග්නීසියම්, සිලිකා සහ ජලය එකතු වී නිර්මාණය වන ස්වභාවික පාෂාණයකි.
ඡායාරූපය (වමේ සිට) - ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්යක්ෂ කාංචන සිංහාරගේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ලේකම් සහ ගරු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවෙහි ගරු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි, බිල්ඩ් එලිමන්ට් (පෞද්ගලික) සමාගමෙහි නිෂ්පාදන කළමනාකාර ගාමිණී නානායක්කාරවසම්, ශ්‍රී රැම්කෝ (පෞද්ගලික) සමාගමෙහි විකුණුම් පිළිබඳ සාමන්‍යාධිකාරි බන්දුල ගුණරත්න, රයිනෝ රෑෆින් ප්‍රඩක්ට්ස් ලිමිඩඩ්හි අලෙවි කළමනාකරු ප්‍රියන්ත ජයසිංහ, සීගිරි රෑෆින් (පෞද්ගලික) සමාගමෙහි අධ්යක්ෂ එස්. කනකරාජා යන මහත්වරුන් ක්‍රිසොටයිල් සෙවිලි තහඩු ප්රදානය සංකේතාත්මකව සිදුකළ අවස්ථාවට සහභාගි වූ අයුරු.
Video Story