ෆාම්කෝ ඉන්ඩස්ට්‍රීස් ISO GMP 22716:2007 ප‍්‍රමිති සහතිකය දිනාගනී

    October, 11, 2016

    ශ්‍රී ලංකාවේ විශාලතම තෙවන පාර්ශ්ව දියනාන හා රෙදි සෝදන සබන් නිෂ්පාදන සමාගමවන ෆාම්කෝ පුද්. සමාගමට ISO GMP 22716:2007 ප‍්‍රමිති සහතිකය පසුගියදා හිමිවිය. ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම රූපාලංකරණ නිෂ්පාදන සමාගමක් වන ReeBonn Cosmetics හි සබන් නිෂ්පාදන අංශය වන ෆාම්කෝ පුද්. සමාගම ISO GMP 22716:2007 ප‍්‍රමිති සහතිකය හිමිකරගත් ශ්‍රී ලංකාවේ පළමු දියනාන හා රෙදි සෝදන සබන් නිෂ්පාදන සමාගමද වේ.

    ෆාම්කෝ පුද්. සමාගමේ විශිෂ්ට නිෂ්පාදන ක්‍රියාවලිය, සෞඛ්‍යාරක්ෂක තත්ත්වයන් හා පරීක්ෂණ ක‍්‍රමවේද ජාත්‍යන්තරව පිළිගත් ස්වභාවයෙන් පවතින හෙයින් ප‍්‍රමිතියෙන් උසස් සබන් නිෂ්පාදන පමණක් මෙරට වෙළෙඳපොලට සැපයීම මෙම ප‍්‍රමිති සහතිකයෙන් වඩාත් තහවුරු වූ අතර එම සමාගම දේශීය හා බහුජාතික සමාගම් රැසක දේශීය හා විදේශීය අවශ්‍යතා වෙනුවෙන් සබන් නිෂ්පාදනය කෙරේ.