ෆැෂන් බග් හෝමාගම රෝහල් පරිශ‍්‍රයේ දී පරිසරය සුරැකීම ගැන දැනුවත් කරයි

    July, 26, 2016

    පාරිසරික ගැටඵ කෙරෙහි නිරන්තර අවධානයකින් හා දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ෆැෂන් බග්, දිවයින් පුරා පිහිටි විලාසිතාගාර 16 ක ජාලයකින් යුත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම නිමි ඇඳුම් අලෙවි ආයතනයකි. ෆැෂන් බග්, සිය සමාජ සත්කාරක ව්‍යාපෘතියේ එක් කොටසක් ලෙස හෝමාගම රෝහල ් පරිශ‍්‍රයේදී ‘‘පුරුදුවෙන්න’’ යන තේමාව යටතේ පරිසරය සුරැුකීම ගැන දැනුවත් කරන වැඩසටහනක් ආරම්භ කරන ලදී.

    ව්‍යාපෘතියේ දෙවන අදියරේදී ‘‘පුරුදුවෙන්න’’ වැඩසටහන විවිධ ක‍්‍රියාකාරකම් හරහා මහජනතාව සමග සම්බන්ධ වෙමින් හා දැනුවත් කරමින් පරිසරය සංරක්ෂණයට දායක වනු ඇත. සොබා දහම් මාතාව සුරැුකීමේ වටිනාකම පිළිබඳ පණිවිඩය එක් පුද්ගලයෙකුගේ සිට සමස්ත සමාජය දක්වාම රැුගෙන යාම මෙහි අරමුණයි.

    ‘‘දවසින් දවස අපේ ජීවිත කාර්ය බහුල වෙද්දි දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ අතින් පරිසරයට හානිකර දේවල් වෙන්න පු`ඵවන්. ඉතිං මේ වැඩසටහනින් කරන්නේ එ් සම්බන්ධව ඔබව දැනුවත් කිරීමක්. අපේ ස්වාභාවික පරිසරය පිරිසිදුව සුරක්ෂිතව සංරක්ෂණය කරගන්න අපි මීට වඩා වගකීමෙන් වැඩ කළ යුතුයි කියන පණිවිඩය මේ හරහා ලබාදෙනවා.’’ යනුවෙන් ෆැෂන් බග් අධ්‍යක්ෂක ශබීර් සුබීයන් මහතා අදහස් දක්වමින් පැවසුවේය. ‘‘ එ් වගේම මේ රටේ වගකීම් සහගත ආයතනයක් ලෙස දිවයින පුරා සිටින විවිධ සමාජයන් හා ප‍්‍රජාවන්ට අවශ්‍ය සහයෝගය හා අනුග‍්‍රහය ලබාදෙන්නට හැමවිටම අපි කැපවෙලා ඉන්නවා’’ යනුවෙන් තවදුරටත් අදහස් දක්වමින් එතුමා පැවසීය.

    ‘අනාගත පරපුර වෙනුවෙන් පැලයක් සිටුවන්න’’ ‘‘ඉවතලන දේ කුණු කූඩයට දමන්න’’ ‘‘පොලිතින් භාවිතය අඩු කරන්න’’ වැනි සරල එහෙත් ප‍්‍රබල පණිවිඩ ස`දහන් නාම පුවරු රෝහල් පරිශ‍්‍රයේ ප‍්‍රදර්ශනය කිරීමෙන් එහි පැමිණෙන මහජනතාවට පරිසර සංරක්ෂණය පිළිබඳ දැනුමක් ලබාදීම හා පුරුදු ඇති කිරීම මෙහි අරමුණයි.’’ යනුවෙන් අදහස් දක්වමින් ෆැෂන් බග් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආචාර්ය එස්. එච්. එම්. ෆරාස් මහතා පැවසීය.

    ෆැෂන් බග්, වාර්ෂිකව දිවයින පුරා සිදුකරන විවිධ සමාජ සත්කාරක ව්‍යාපෘති සඳහා රු. මිලියන 20 කට අධික මුදලක් වැය කරන අතර එ් අතර ක‍්‍රීඩා, අධ්‍යාපන, සමාජ සේවා ආදී තවත් බොහෝ අංශ ඇතුළත් වෙයි. ෆැෂන් බග් අධ්‍යක්ෂක ශබීර් සුබීයන් මහතා පැවසූ පරිදි ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ඉල්ලීමකට අනුව මෑතකදී ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවයක් ෆැෂන් බග් අනුග‍්‍රහයෙන් සංවිධානය කෙරුණු අතරම දිවයින පුරා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන්, පාසල්, රෝහල්, තැපැල් කාර්යාල ප‍්‍රතිසංස්කරණය කිරීම වැනි තවත් බොහෝ සත්කාරක සේවා ද මේ අතර ක‍්‍රියාත්මක වෙයි.

    ෆැෂන් බග්, 1994 දී හවුල් කරුවන් 4 දෙනෙක් සහ කාර්ය මණ්ඩලය 15 දෙනෙක් සමග සමූහ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කළ අතර එය අද වන විට 1250 කට අධික කාර්ය මණ්ඩලයක් සහ දිවයින පුරා පිහිටි ප‍්‍රදර්ශනාගාර 16 කින් යුත් ව්‍යාපාරයකි. ‘‘වෙනස්වන ජීවන රටාවන්ට’’ යන තේමාව පෙරදැරිව ෆැෂන් බග් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම විලාසිතාගාරයක් ලෙස ඉහළින්ම කැපී පෙනෙයි.