ෆිච් රේටිංග්ස් රාජ්‍ය මූල්‍ය ආයතන කිහිපයක ණය ශ්‍රේණි පහළ දමයි

    March, 3, 2016

    ශ්‍රී ලංකා රජයට අනුබද්ධ මූල්‍ය සමාගම් කිහිපයකම ණය ශ්‍රේණි වර්ගීකරණය පහළ දමා ඇති බව ෆිච් රේටිංග්ස් නිවේදනය කර සිටී.

    මේ අනුව ලංකා බැංකුව හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ දිගුකාලීන විදේශීය හා දේශීය මුදල් ජාත්‍යන්තර ණය ශ්‍රේණිය 'BB-' සිට ‘B+’ දක්වා ද, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී සමාගමේ ණය ශ්‍රේණිය ‘B+’ සිට ‘B’ දක්වා ද පහත දමා තිබේ.

    මීට අමතරව DFCC බැංකුවේ ණය ශ්‍රේණිය තවදුරටත් ‘B+’. මට්ටමේ තිබෙන බව ෆිච් රේටිංග්ස් වැඩිදුරටත් නිවේදනය කර සිටී.

    මේ අතර ඉහත කී රාජ්‍ය මූල්‍ය ආයතනවලට අමතරව තවත් රජ්‍ය අනුබද්ධ සමාගම් තුනක ණය ශ්‍රේණි පහළ දමා තිබෙන බව ෆිච් රේටිංග්ස් සඳහන් කරනු ලබයි.

    මේ අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා ටෙලිකොම් හා ශ්‍රීලංකන් එයාර්ලයින්ස් යන සමාගම් හි ණය ශ්‍රේණි වර්ගීකරණයන් ද 'BB-' සිට ‘B+’ දක්වා පහළ වැටී ඇත.