March, 31, 2016
ෆිස්කල් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමත් සමඟම ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වන බව නවතම ආසියානු සංවර්ධන බැංකු (ADB) වාර්තාවක් පෙන්වා දේ.
මෙම වාර්තාවට අනුව 2016 තුළ දී 5.3% ක හා 2017 වසර තුළ දී 5.8% ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිබව සඳහන් වේ. කෙසේවෙතත් ෆිස්කල් ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රධානතම අභියෝගය වන්නේ ආදායම් මාර්ග පහළ මට්ටමක පැවතීම බව එහි අදහසයි. මෙරට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 12% ක් පමණ වන බවත් ශ්‍රී ලංකාව හා සමාන මට්ටමේ ආර්ථික වර්ධනයක් සහිත අනෙකුත් රටවල් හා සන්සන්දනය කිරීමේ දී මෙය පහළ අගයයක් බවත් ආසියානු සංවර්ධන බැංකුව කියා සිටී.
“අපනයන පහළ බැසීම, ගෝලීය ආර්ථික අවපාතය හමුවේ මෙරට අපනයන ආදායම මේ වන විට අභියෝගාත්මක තත්ත්වයකට පත්ව තිබේ. එසේම විදෙස් ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් පහළ මට්ටමක පැවතීම ද ගෙවුම් ශේෂ පරතරය වැඩිවීමට හේතු වී ඇත. 2016 වසර තුළ දී GSP+ සහනය ලබා ගැනීමත් සමඟම අපනයන ආදායම වර්ධනය වීමට ඉවහල් වනු ඇත“, යනුවෙන් එම වාර්තාව වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.
Video Story