April, 3, 2026
Focus Reliance Holdings පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්රයට කළ දායකත්වය වෙනුවෙන් Global Business Excellence සම්මාන උළෙලේදී Best Microfinance Provider සම්මානයත්, People’s Excellency සම්මාන උළෙලේදී Microfinance Leader සම්මානයත් දිනා ගත්තේය. මෙම සම්මාන දෙකම ෆෝකස් රිලයන්ස් හෝල්ඩිංග්ස් සමාගම ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සහ කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමට හා වර්ධනය කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීමට දැක්වූ අඛණ්ඩ කැපවීමට ලැබූ ඇගැයීමකි. ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සාමාජිකයෙකු වන ෆෝකස් රිලයන්ස් හෝල්ඩිංග්ස් සමාගම සමාජයේ සියලුම තරාතිරම්වලට ලාභදායී හා පහසු මූල්‍ය සේවා සැපැයීමේදී විශිෂ්ටත්වයක් පෙන්වා ඇත.
වසර පහකට වැඩි අත්දැකීම් සහිත ෆෝකස් රිලයන්ස් හෝල්ඩිංග්ස් සාම්ප්‍රදායික බැංකු සහ ණය පහසුකම් ගැනීමට අඩු අවස්ථාවක් ඇති පුද්ගලයන්ට නිර්මාණය කළ විවිධ මූල්‍ය විසඳුම් රැසක් ඉදිරිපත් කරයි. එහි ක්ෂුද්‍ර මූල්‍ය සේවාවලට පෞද්ගලික සහ කණ්ඩායම් ණය යෝජනා ක්‍රම ඇතුළත් වන අතර ඒවා ප්‍රධාන වශයෙන් ව්‍යාපාරිකයන් සඳහා නිර්මාණය කර ඇත. මෙම ණය සාමාන්‍යයෙන් කුඩා මුදල් ප්රමාණයවලින් ඇප අවශ්‍ය නොවන පරිදි සහ සාමූහික වගකීම් යටතේ සපයයි. ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ගෙවීම් ඉතිහාසය සහ දිගුකාලීන සම්බන්ධතාව අනුව වැඩි ණය ප්‍රමාණවලට ප්‍රවේශ වීමේ අවස්ථාව ලැබේ. මූල්‍ය සේවාවලට අමතරව සමාගම සමාජ සංවර්ධනය සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් කුසලතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරයි. ව්‍යාපාර දැනුම සහ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීමට පවත්වන වැඩමුළු මගින් ණය ගන්නා පුද්ගලයන්ට තම ව්‍යාපාර සාර්ථකව කළමනාකරණය කර වර්ධනය කිරීමට අවශ්‍ය දැනුම හා කුසලතා සපයයි. එසේම පරිසර හිතකාමී ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කරමින් සමාජයේ තිරසාර සංවර්ධනයට දායක වේ. ෆෝකස් රිලයන්ස් හෝල්ඩිංග්ස් සමාගම ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සේවා රැසක් ඉදිරිපත් කරයි. එයට වේගවත් ණය, හදිසි ණය, පාරිභෝගික ණය, දෛනික ණය, ව්‍යාපාර ණය, ඇප නොමැති ණය, යන්ත්‍රෝපකරණ ණය, පෞද්ගලික ණය සහ ඩ්‍රාෆ්ට් ඇතුළත් වේ. ඉදි කිරීම් හා සංචාරක ක්ෂේත්රවලට අදාළ මූල්‍ය සේවාද සමාගම සපයයි. එසේම සමාගම බෙදා හැරීමේ සහ වෙළෙඳාම් ක්ෂේත්රවලටද ප්‍රවේශ වී ඇත. කොළඹ ප්‍රදේශයේ Orel සහ One Globe නිෂ්පාදන බෙදා හැරීමේ නියෝජිතයෙකු ලෙස කටයුතු කරන අතර FRH සුපිරි වෙළෙඳ සැල් ජාලද ආරම්භ කර ඇත. එහි ප්‍රථම ශාඛාව පිටකෝට්ටේ විවෘත කර ඇත.

Video Story