May, 13, 2024
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංචාරක ඉපැයීම් පිළිබඳ නවතම දත්ත වාර්තා නිකුත් කර තිබේ.
එහි දැක්වෙන පරිදි 2024 අප්‍රේල් මාසය තුළ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 148,867 ක් වන අතර ඒ හරහා ලද ඉපැයීම ඩොලර් මිලියන 225.7 ක් ලෙසින් වාර්තා වේ.
මේ අනුව 2024 වසරේ මුල් මාස 04 තුළ දී ශ්‍රී ලංකාවේ සමස්ත සංචාර ඉපැයීම් ඩොලර් මිලියන 1,251.6 ක් හෙවත් ඩොලර් බිලියන 1.25 ක් ලෙසින් සටහන්ව ඇත. මෙය 2023 වසරේ මුල් මාස 04 හි සංචාරක ඉපැයීම් වටිනාකම වූ ඩොලර් මිලියන 652.2 හා සැසඳීමේ දී 91.9%ක ඉහළ යාමකි.

මෙම වකවානුව තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව පසුගිය වසරේ මුල් මාස 04 හා සැසඳීමේ දී 441,177 සිට 784,651 ක් දක්වා 77.9% කින් වර්ධනය වී තිබේ.

Video Story