January, 23, 2016
දොළොස් වෙනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල 2016 ජුනි මස 03 වැනි දින සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ.
‘‘රයිගම් ටෙලීස්’’ තම දොළොස්වන සම්මාන උළෙල සඳහා ආරම්භය සනිටුහන් කරන බව, ශ්‍රී ලාංකික රූපවාහිනී පේ‍්‍රක්‍ෂකයන්, නිර්මාණ ශිල්පීන් ඇතුළු සමස්ත ජනතාව වෙත ඉතා ආඩම්බරයෙන් නිවේදනය කර සිටී. රයිගම් ටෙලීස් සම්මාන උළෙල මේ වන විට දශකයක් ඉක්මවු ඉතිහාසයකට උරුමකම් කියයි.එය සංවිධායකවරුන්ට දීර්ඝ අත්දැකීමකි. සම්මාන ලාභීන්ට බලාපොරොත්තුවකි. මෙපමණ කාලයක් පුරාවට අඛණ්ඩව ඉහළම තත්වයේ සම්මාන උළෙලක් පැවැත්වීම අභියෝග ජය ගැනීමකි. ඒ සතුට සහ ශක්තිය අප ශ‍්‍රී ලාංකික ටෙලි මාධ්‍යය සහ ජනතාව සම`ග බෙදා හදා ගන්නේ මෙවර, සුවිශේෂි වුද සමස්ත ටෙලි මාධ්‍යයම ආවරණය කරන්නාවුද ජාතියේ ටෙලි සම්මාන උළෙල සංවිධානය කිරීමේ භාරදූර වගකීම ඉතා සාදරයෙන් පිළිගනිමිනි.
යමක් වටින්නේ හර වටිනාකම් රැුකගෙන දිනෙන් දින වෙනස් වන්නේ නම් පමණි. එකම රටාවකට සම්මාන ලාභීන් පෝලීමේ පැමිණ සම්මාන ලබා ගන්නා උළෙලක කිසිදු රසයක් නැත. ප්‍රෙක්ෂකයින්ගේ උනන්දුවක් නැත. බොහෝ සම්මාන උළෙල වලදී පේ‍්‍රක්ෂක අත්පොළසන් නාදය පවා අඩුවෙමින් යන්නේ එකා පිටු පස එකා පැමිණ ලබා ගන්නා සම්මාන පෝලිමේ නීරස භාවය නිසාමය. ශ‍්‍රී ලාංකේය ජනතාවට අපූර්ව අත්දැකීමක් වු රයිගම් සම්මානය අතිවිශාල ජනප‍්‍රියතාවයක් ලැබුවේ එම රාමුවෙන් බැහැරවීම නිසා විය යුතුය.
රයිගම් ටෙලි සම්මාන උළෙල වසර දොළහකට පෙර ඇරඹෙන්නේ ටෙලි නාට්‍ය කලාව සඳහා සම්මාන පුදකරන ටෙලි නාට්‍ය සම්මාන උළෙලක් ලෙසය. නමුත් ඉතා කෙටි කාලයක් තුළ එය සමස්ත රූපවාහිනි මාධ්‍යයම (සියළු වැඩසටහන්) ආවරණය කරන අංග සම්පුර්ණ ටෙලි සම්මාන උළෙලක් බවට පත්විය. වසරින් වසර විවිධ පැතිකඩ ඔස්සේ ටෙලි නාට්‍ය කුසලතාවයන් ද පේ‍්‍රක්‍ෂක අපේක්‍ෂාවන් හා ටෙලි මාධ්‍යය සඳහා උතුම් දායකත්වයක් ලබා දුන් ජ්‍යෙෂ්ඨයන් අගයමින් ද අනන්‍ය ටෙලි සම්මාන අත් දැකීමක් එක්කළ රයිගම් ටෙලි සම්මානය පසුව රයිගම් ටෙලීස් වෙයි. රයිගම් ටෙලීස් නමින් සන්නාම ගත කරන්නේ ෆිල්ම් ෆෙයා, ග‍්‍රැමි වැනි ජාත්‍යන්තර තලයේ සම්මාන උළෙලක් දක්වා එය වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනය. අප මින් ඉදිරියට රයිගම් ටෙලීස් ගැන කතා කරමු.
රයිගම් ටෙලීස් ටෙලිවිෂන් මාධ්‍යයේ සියලූ අංශ ආවරණය කරයි. ඊට ටෙලි නාට්‍ය මෙන්ම ළමා, ක‍්‍රීඩා, දේශපාලන, ප‍්‍රවෘත්ති, වාර්තා, රියැලිටි සහ වෙනත් විවිධ වැඩසටහන් සහ තාක්ෂණ අංශ ඇතුලත්ය. එමෙන්ම රයිගම් ටෙලීස් වෙතින් සම්මානයක් ප‍්‍රදානය කරන්නේ ජාතික මට්ටමින් සළකා බැලිය හැකි කුසලතාවන් සඳහා පමණි. ඒ ස`දහා රයිගම් ටෙලීස් අනුගමනය කරන සම්මතයන් ඇත. මේ නිසා රයිගම් ටෙලීස් ”ජාතියේ ටෙලි සම්මාන” වෙයි. රයිගම් ටෙලීස් සම්මානයට පාත‍්‍රවන විවිධ අංශ රැසකි.
ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන
රයිගම් ටෙලීස් උළෙලේ සම්මාන පරාසය පුළුල් කළද ටෙලි නාට්‍ය සඳහා ප‍්‍රදානය කෙරෙන සම්මාන සංඛ්‍යාව එලෙසින්ම පවත්වාගෙන යාමට රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය තීරණය කර ඇත. මේ අනුව පසුගිය වර්ෂ වලදී මෙන්ම වසරේ විශිෂ්ටතම ගායන, රංගන, තාක්‍ෂණ සහ ටෙලි නාට්‍ය නිර්මාණ කුසලතාවයන් අගයමින් වසරේ විශිෂ්ටතම ප‍්‍රාසාංගික, ඒකාංගික ටෙලි නාට්‍යය ඇතුළු විශිෂ්ටතා සම්මාන ඒ අයුරින්ම ප‍්‍රදානය කරනු ඇත.
රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන
පුංචි තිරයේ ජනප‍්‍රියතම අංගය ටෙලි නාට්‍ය වුවද, එහි වැඩිම වේලාවක් අරක්ගත්තේ විවිධ වැඩ සටහන්ය. රූපවාහිනි මාධ්‍යයේ වගකීම වන්නේද ප්‍රේක්ෂකයන්ගේ විනෝදාස්වාදය මෙන්ම, දැනුම, අවබෝධය සහ යාවත් කාලීන කරවීමේ සන්නිවේදන වගකීමයි. එය යුගයේ ප‍්‍රබලතම විඥාපන මෙවලමයි. මේ නිසා ජනතාවගේ ආනන්දයටත්, ප‍්‍රඥාවටත් හේතුවන උසස් තත්වයේ නිර්මාණ ඉදිරිපත් කිරිමේ හා තාක්ෂණ කුසලතාවයන් වඩ වඩාත් දකිනු රිසියෙන් මෙම අංශයේ සම්මාන පුවත් වාර්තාකරණය, ප‍්‍රවෘත්ති නිවේදනය, කාලීන වැඩසටහන්, අධ්‍යාපන, ළමා, සංගීත, රියැලිටි හා දේශපාලන මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කිරිමේ (සම්ප‍්‍රවේෂකයන්) විශිෂ්ටත්වයන් උදෙසා ද පිරිනමනු ඇත.
මෙම සම්මාන උළෙලේදී ප‍්‍රවෘත්ති නිවේදනය හා වැඩසටහන් සම්ප‍්‍රවේශක ස`දහා සිංහල, දෙමළ හා ඉංගී‍්‍රසි මාධ්‍යයන් වෙනුවෙන් වෙන වෙනම සම්මාන ප‍්‍රධානය කෙරේ.
ජනපි‍්‍රය සම්මාන
සුපුරුදු පරිදි මෙවරත් වසරේ ජනප‍්‍රියතම ටෙලි නාට්‍යය, ටෙලි නාට්‍ය නළුවා සහ ටෙලි නාට්‍ය නිළිය පේ‍්‍රක්‍ෂක ජුරීය විසින් තීරණය කරනු ඇත. අවසානයේදී ටෙලි නාට්‍ය වි`දින්නේ මහජනතාවයි. කවුරුන් කෙසේ බැලූවද කෙසේ විශ්ලේෂණය කළද නිර්මාණයක් සාර්ථක වන්නේ පේ‍්‍රක්‍ෂක ජනතාව එය වැළඳ ගන්නේ නම් පමණි. ඒ බව නිර්මාණ කරුවන්ද අවධාරණය කරගත යුතුය. මේ නිසා තම හෘද සාක්ෂිය ප‍්‍රකාශ කිරීමේ සාධාරණය පේ‍්‍රක්‍ෂක ජනතාවට ලබා දෙමින් ජනප‍්‍රිය සම්මාන ලාභීන් තීරණය කරනු ඇත.
මේ සඳහා මහජනතාවට වඩාත් පහසු කෙටි පණිවුඩ SMS ක‍්‍රමය ප‍්‍රථම වරට හදුන්වා දුන්නේ රයිගම් ටෙලි සම්මානයයි. මෙවරද තමන් සිත්ගත් ටෙලිනාට්‍යය, ටෙලිනාට්‍ය නළුවා, නිළිය ජයග‍්‍රහණය කරවීම සඳහා තම මතය ප‍්‍රකාශ කිරීමට පේ‍්‍රක්‍ෂක ජනතාවට අවස්ථාව ලැබේ.
2016 මැයි මස 02 දින සිට 2016 ජුනි මස 02 දින මධ්‍යම රාත‍්‍රිය දක්වා SMS මත විමසුම විවෘතව පවතී. මේ සඳහා සහභාගිවන පේ‍්‍රක්‍ෂකයන් අතරින් 25 දෙනෙකුට උළෙල නැරඹීම සඳහා ප‍්‍රවේශපත් 2 බැගින් ප‍්‍රදානය කරනු ඇත. මෙම අවස්ථාව ඡයග‍්‍රහණය කරන පේ‍්‍රක්‍ෂකයන්ට තම දුරකථන අංකය ඔස්සේ රයිගම් ටෙලිස් ලේකම් කාර්්‍යාලයෙන් ලැබෙන SMS පණිවුඩය ඉදිරිපත්කර මුද්‍රිත ආරාධනාපත ලබා ගත හැකිය.
SMS යොමු කළ යුතු දුරකථන අංක: 0772 522 522 / 0702 722 722
ප‍්‍රණාම සම්මාන
රූපවාහිනී ක්ෂේත‍්‍රයේ උන්නතිය සඳහා උතුම් දායකත්වයක් ලබාදුන් කලා ශිල්පීන් හා පුරොගාමීන් සඳහා ප‍්‍රණාම සම්මාන ප‍්‍රදාානය කිරීම රයිගම් ටෙලිස් සම්මාන උළ්ලේ සුවිශේෂී අංගයකි. මේ දක්වා ප‍්‍රණාම සම්මාන ලැබූවන් අතර රූපවාහිනී කලා මාධ්‍යයේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම රූපවාහිනි තාක්‍ෂණය ශී‍්‍ර ලංකාවට හඳුන්වාදීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකල වූවන්ද විය.
මෙම සම්මාන කුලකය යටතේ 2007 වර්ෂයේදී හඳුන්වාදුන් ප‍්‍රතිභා ප‍්‍රභා ගෞරව සම්මානය සෑම උළෙලකදීම ප‍්‍රදානය කරන උත්තම සම්මානයයි. මෙම සම්මානය ජීවිතයේ එක් වතාවක් පමණක් හිමිවන්නකි. මේ දක්වා ප‍්‍රතිභා ප‍්‍රභා ගෞරව සම්මානයෙන් පිදුවන් වන්නේ ආචාර්ය ඞී.බී.නිහාල්සිංහ, ශාන් වික‍්‍රමසිංහ, කලාශූරී ටයිටස් තොටවත්ත, කලාශූරී සතිස්චන්‍ද්‍ර එදිරිසිංහ, ලූෂන් බුලත්සිංහල, ටෝනි රණසිංහ, ධර්මසේන පතිරාජ, ප‍්‍රවීණ නාට්‍යවේදී පරාක‍්‍රම නිරිඇල්ල, ප‍්‍රවීණ නාට්‍යවේදී ආචාර්ය ජයලත් මනෝරත්න සහ ප‍්‍රවීන රංගධර සිරිල් වික‍්‍රමගේ යන ප‍්‍රවීණයන්ය.
රූපවාහිනී නාලිකා ඇගයීම
සම්මාන උළෙළේදී ටෙලි නාට්‍ය අංශයේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් නාලිකාව ’වසරේ ටෙලිනාට්‍ය නාලිකාව’ලෙසද අනිකුත් මාධ්‍ය වැඩසටහන් සඳහා වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් නාලිකාව ’වසරේ රූපවාහිනි මාධ්‍ය වැඩසටහන් නාලිකාව’ ලෙසද සම්මානයට පාත‍්‍ර වනු ඇත.
සම්මාන උළෙලේදී සමස්ත වශයෙන් වැඩිම සම්මාන සංඛ්‍යාවක් ඡුයග‍්‍රහණය කරන රූපවාහිනී නාලිකාව වසරේ සම්මානනීය නාලිකාව ලෙස අභිෂේක ලබනු ඇත. වසරේ සම්මානනීය නාලිකාව තීරණය කිරීම උදෙසා වඩාත් විනිවිද පෙනෙන දර්ශකයක් භාවිත කරන, එකම සම්මාන උළෙල මෙයයි.
නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල (Nominations Evening)
ශී‍්‍ර ලංකාවේ සම්මාන උළෙල සංස්කෘතියේ විප්ලවීය වෙනෙසක් සිදුකරමින් සම්මාන සඳහා නිර්දේශිත නාම කල් ඇතිව ප‍්‍රසිද්ධ කිරිමේ උත්කර්ෂවත් උළෙළක් පැවැත්වීම රයිගම් ටෙලිස් විසින් හඳුන්වාදෙන ලදී.
මෙවර සම්මාන උළෙල සඳහා නිර්දේශීත නාම ප‍්‍රසිද්ධ කිරිමේ Raigam Tele'es Nominations Evening නමින් 2016 මැයි මස 13 වැනි දින සන්ධ්‍යාවේදී කොළඹ කිංග්ස්බරි හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙනු ඇත.
සම්මාන උළෙල
සම්මාන උළෙල ඉතා උත්කර්ෂවත් ලෙස, සම්මානයේ අභිමාණය රැුකෙන පරිදි සංවිධානය කර ඇති අතර රාජ්‍ය අනුග‍්‍රහයද මේ ස`දහා නොමදව ලැබේ. රූපවාහිනි මාධ්‍යයට සම්බන්ධ කලා ශිල්පීන්, නාලිකා ප‍්‍රධානීන් ඇතුලූ මාධ්‍යයේ සියලූ කොටස්රුවන් එකට මුණ ගැසෙන මෙම රාත‍්‍රිය අමතක නොවන අත්දැකීමක් වනු ඇත. සජීවී ලෙස උළෙල නැරඹීම ආරාධිතයන්ට පමණක් සීමා වන අතර පසුව එය රූපවාහිනි මාධ්‍ය ඔස්සේ නැරඹීමට සමස්ථ මහ ජනතාවට අවස්ථාව ලැබෙනු ඇත.
විනිශ්චය මණ්ඩලය
මෙවර විනිශ්චය මණ්ඩලය සඳහා විවිධ අංශ නියෝජනය වන පරිදි හත් දෙනෙකු ගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් පත්කර ඇති අතර ඔවුන් බොහෝ දෙනා මෙම උළෙලේ ත් වෙනත් සම්මාන උළෙල වලත් විනිශ්චය අත්දැකීම් ලැබුවන් වේ. තවද මැදහත් සිතින් නිර්මාණ විශ්ලේෂණය කිරීම උදෙසා රූපවාහිනි මාධ්‍යයට සම්බන්ධ නොවන නියෝජනයක්ද ජූරී සභාවට ඇතුලත් වේ. මෙවර විනිශ්චය මණ්ඩල ප‍්‍රධානත්වය දරන්නේ කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පැට්ටි‍්‍රක් රත්නායක මහතාය. සෙසු විනිශ්චය මණ්ඩල සාමාජිකයන් වන්නේ මහාචාර්ය අජන්තා හපුආරච්චි, ප‍්‍රවීන සිනමා විචාරක හා පුවත්පත්ෙවිදී ගුණසිරි සිල්වා, ප‍්‍රවීන ලේඛිකා ජයන්තා රුක්මණී සිරිවර්ධන, ශි‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ෙඡ්්‍යෂ්ඨ කථිකාචාර්ය හංසමාලා රිටිගහපොළ හා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී ආචාර්ය ඞී.එම්.ආර්.බී දිසානායක, යන මහත්ම මහත්මීන්ය, දමිළ මාධ්‍යය සම්බන්ධ විශේෂ උපදේශක ලෙස එස්.ජේ.යෝගරාජ් මහතා කටයුතු කරයි.
අයදුම්පත් හා නිර්මාණ භාරගැනීම
රයිගම් ටෙලීස් 2015 උළෙල සඳහා අයදුම්පත් හා නිර්මාණ භාරගැනීම මේ වන විට ආරම්භ වී ඇති අතර එය 2016 පෙබරවාරි 28 වන දිනෙන් අවසන් වේ. මෙවර සම්මාන උළෙල සඳහා නිර්මාණ ඉදිරිපත් කිරිමට අපේක්‍ෂිත නිර්මාණකරුවන් හැකි ඉක්මනින් පහත සඳහන් අංක මගින් රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය අමතන ලෙස ඉල්ලා සිටී
උළෙල නියෝජනය කිරීම සදහා සුදුසුකම් ලබන නිර්මාණයන් මෙසේය
1. ටෙලි නාට්‍ය - 2015 වර්ෂය තුලදී අවසාන කොටස විකාශය කළ දේශීය ටෙලිනාට්‍ය වේ.
2. වෙනත් නිර්මාණ - 2015 වර්ෂය තුලදී ශ‍්‍රී ලංකාවේ රූපවාහිනි නාලිකාවක් ඔස්සේ විකාශය වී තිබිය යුතුය.
3. කේබල් රූපවාහිනි සහ මුදල් ගෙවා පමණක් නැරඹිය හැකි නාලිකාවල පමණක් විකාශය වු නිර්මාණ සහ හඬකැවීම් ඇතුළු කිසිදු විදේශ නිර්මාණයක් ( හඬකැවීමේ වැඩසටහන උදෙසා වන සම්මානය සඳහා හැර) මෙම උළෙල සඳහා සුදුසුකම් නොලබයි.
4. වැඩසටහන් ඉදිරිපත් කිරීම සහ නිවේදක නිවේදිකා අංශය සඳහා අදාල නාලිකාව මඟින් හෝ තනිව අයදුම් කළහැකිය.
සහයෝගී දායකත්වය
මෙවරද රයිගම් ටෙලීස් සඳහා සහයෝගී හවුල්කරු (In partnership with) ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දේශීය බැංකුවක් වන සම්පත් බැංකුව දායකවේ. ශ‍්‍රී ලංකාවේ බැංකු ක්ෂේත‍්‍රයේ තාක්‍ෂණික පරිවර්තනයේ පුරෝගාමියාවූ සම්පත් බැංකුව ඉතා විශිෂ්ට සමාජ මෙහෙවරක නියැළි ආයතනික පුරවැසියෙකි.
නිර්දේශිත නාම උත්කර්ෂණ හවුල්කරු වශයෙන් ඩයලොග් සමාගම හා සුපුරුදු පරිදි උළෙල හැඩගැන්වීම සඳහා ස්වේත චන්දනාදීලේපය ද මෙවර උළෙල සදහා සෙසු දායකත්වයන් දරති.
Video Story