February, 11, 2025
INSEE සිමෙන්ති සමාගම තම පරිසර හිතකාමී සහ අනාගතවාදී ඉදි කිරීම් අමුද්‍රව්‍ය නිෂ්පාදනය වෙනුවෙන්, හරිත ගොඩනැගිලි කවුන්සිලය විසින් සංවිධානය කළ 13 වැනි වාර්ෂික හරිත ගොඩනැගිලි සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර විය.
මෙහිදී ඉදි කිරීම් ක්ෂේත්රය තුළ තිරසාරත්වය, නවෝත්පාදනය සහ පාරිසරික ආරක්ෂණය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් INSEE සිමෙන්ති සමාගම වෙත මෙම ගෞරවනීය සම්මානය හිමි විය.
මෙම සම්මානය INSEE කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුගේම කැපවීම හා කර්මාන්තය වෙනුවෙන් ඔවුන් දක්වන උනන්දුව නිසා ලබා ගත් ජයග්‍රහණයකි. ඉන් ශ්‍රී ලංකාව සහ සමස්ත ලෝකයම හරිත අනාගතයක් කරා රැගෙන යෑම කෙරෙහි INSEE සමාගම දක්වන අවධානය ද කැපී පෙනේ.
INSEE සමාගමට මෙම ජයග්‍රහණය වඩාත් වැදගත් වන්නේ, ශ්‍රී ලංකා හරිත කවුන්සිලය විසින් අපගේ ප්‍රමුඛතම නිෂ්පාදනය වන INSEE සංස්ථා; පෝට්ලන්ඩ් සිමෙන්ති නැවතත් හරිත නිෂ්පාදනයක් ලෙස නාමකරණය කිරීමයි. ඉතිහාසයේ ප්‍රථම වරට මෙම සිමෙන්ති නිෂ්පාදනය වෙත තරු 5 ක ශ්‍රේණිගත කිරීමේ අගයක් ලැබුණු අතර, එය ක්ෂේත්රය තුළ සිමෙන්ති සමාගමක් විසින් මෙවැනි විශිෂ්ට කීර්තියක්
අත් කර ගත් පළමු අවස්ථාව විය. INSEE සමාගම විසින් දිගු කාලයක් තිස්සේ ISO 14025 ප්‍රමිතියට අනුකූලව පවත්වා ගෙන ආ පාරිසරික නිෂ්පාදන ප්‍රකාශන (EPD) සහතිකය ද මෙම ජයග්‍රහණයට බල පෑ තවත් එක් සුවිශේෂී සාධකයකි. EPD සහතිකය යනු යම් නිෂ්පාදනයක සමස්ත චක්‍රය පුරාම එහි පාරිසරික බලපෑම පිළිබඳ ව සවිස්තරාත්මක, ප්‍රමිති ගත සහ තුන් වන පාර්ශව විසින් තහවුරු කරන ලද තොරතුරු ලබා දෙන ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රමිති රාමුවකි.
INSEE සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි/සභාපති, නන්දන ඒකනායක මහතා ප්‍රකාශ කර සිටියේ, "සිමෙන්ති නිෂ්පාදනයක් සඳහා තරු 5 ශ්‍රේණිගත කිරීමක් ලබා ගත් ශ්‍රී ලංකාවේ පළමු සිමෙන්ති සමාගම වීම සම්බන්ධයෙන් අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. අපගේ INSEE සංස්ථා; පෝට්ලන්ඩ් සිමෙන්ති විසින් ලැබූ මෙම ජයග්‍රහණය පරිසරය සුරැකීම වෙනුවෙන් අප ගන්නා වෙහෙසෙහි අග්‍රගණ්‍ය ප්රතිඵලයකි. INSEE සමාගමේ අප සෑම විටම තිරසාරත්වය උසස් කොට සලකන අතර, අපගේ පාරිභෝගිකයින් වෙත වගකියන, පරිසර හිතකාමී නිෂ්පාදන ලබා දීම වෙනුවෙන් අප නිරන්තරයෙන් ම කැප වන්නෙමු."
මෙම ජයග්‍රහණය INSEE සමාගමේ තිරසාරත්වය වෙනුවෙන් ලැබූ ජයග්‍රහණයක් පමණක් නොවේ. එය දේශීය ඉදි කිරීම් ක්ෂේත්රය තුළ ප්‍රමුඛයා ලෙස INSEE සමාගමේ භූමිකාව තව දුරටත් සහතික කරනු ලැබේ. මෙම ජයග්‍රහණ සමග ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් ක්ෂේත්රය තිරසාරත්වය කරා යන ගමනට නායකත්වය දීම INSEE සමාගමේ වගකීමක් ලෙස යළිත් ප්‍රතිෂ්ඨාපනය විය. මෙම ජයග්‍රහණය ලබාගැනීම වෙනුවෙන් අප වෙත සහය වූ සෑම පාර්ශවයකට ම හෘදයාංගම කෘතඥතාව පුද කිරීමට INSEE මෙය අවස්ථාවක් කර ගනී.
Video Story