138,000 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් ජුනි මාසයේ දිවයිනට

    July, 2, 2025

    2025 ජුනි මාසයේ මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 138,241ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පවසයි.

    ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,168,044ක් ලෙසයි.

    පසුගිය වසරේ ජුනි මාසයේ මෙරටට පැමිණ ඇත්තේ 113,470ක සංචාරකයින් පිරිසක් පමණි. ඒ හා සැසඳීමේ දී 2025 ජුනි මාසයේ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 21.8% කින් ඉහළ ගොස් ඇත.

    මෙම මාසයේ ද 37,934ක ඉහළම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන් වන අතර ඉන්පසු එක්සත් රාජධානියෙන් සංචාරකයින් 11,628ක්, චීනයෙන් 8,804 ක් සහ ඕස්ට්‍රේලියාවෙන් 7,299ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.