බැංකු ණය පොලිය සියයට 10න් පහළට

    May, 13, 2024

    බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (Average Weighted Prime Lending Rate - AWPR) පසුගිය සතිය වන විට 10% මට්ටමින් පහළට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    මේ අනුව පසුගිය සතිය අවසානයේ දී බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (AWPR) 9.92% ක් ලෙසින් සටහන්ව ඇත. ඊට පෙර සතියේ දී මෙම අගය 10.15% ක් ලෙසින් වාර්තා වී තිබුණි.

    2022 අප්‍රේල් 01 දිනෙන් පසු බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය තනි ඉලක්කමකට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

    මීට වසරකට පෙර මෙම අගයය දැක්වුණේ 21.32% ක් ලෙසිනි.

    මෙම තත්ත්වය තුළ මෙරට වානිජ බැංකු කිහිපයකම බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතික තනි ඉලක්කමක අගයයට පැමිණ ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

    පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව මේ පිළිබඳව නිකුත් කළ සටහනකි.