March, 26, 2025
2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත මඟින් විදේශ ණය ගැනීම් කළමනාකරණය කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි ආවරණය වන බැවින්, 1957 අංක 29 දරන විදේශීය ණය පනත සහ එම පනතට සිදු කරන ලද සියලු සංශෝධනයන් අවලංගු කළ යුතුව ඇත.
ඒ සඳහා 2024‑12‑09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය එකඟතාව ලබා දී තිබේ.
නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද විදේශීය ණය (අහෝසි කිරීම) පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත.
ඒ අනුව, එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story