20%ට අමතරව ඇමරිකාවෙන් තවත් බදු වදිනවාද? මුදල් ලේකම් පැහැදිලි කරයි

    August, 1, 2025

    එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා වන අන්‍යෝන්‍ය තීරු බදු අනුපාතිකය 30% සිට 20% ක් දක්වා පහත දමන බව මේ වන විට නිවේදනය කර තිබේ. කෙසේවෙතත් මෙම 20%ක අන්‍යෝන්‍ය තීරු බදු අනුපාතිකයට අමතරව තවත් බදු ඊට එකතු වන්නේදැයි අද (01) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු විසින් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගෙන විමසන ලදී.

    ප්‍රශ්නය - මේ වන විට 10% - 15% අතර බද්දක් ක්‍රියාත්මක වෙමින් පැවතියා. මෙම 20% ත් සමඟ ඒ බද්දත් එකතුව ක්‍රියාත්මක වෙනවාද?

    පිළිතුර - අපි මේක දිහා බලන්නට ඕනේ, සමස්තයේ දී කොහොමද ලංකාවේ Competitive Position එකට, මේ බදු බලපාන්නේ කියලා. මේ බදු විශේෂයෙන් ලංකාවට ආවේණික දෙයක් නෙමෙයි, ලෝකයේ රටවල් අතිවිශාල ප්‍රමාණයකට මේ බදු බලපානවා. එතකොට ඒ රටවලට දැනට තියෙන බදුවලට අමතරව නම් තව අමතර බද්දක් පැනවෙන්නේ, ඒක මේ සමස්තයටම බලපාන කරණයක්. ලංකාවට විතරක් ගොනුවෙච්ච කාරණයක් නෙමෙයි. ඒ නිසා අපේ තරගකාරීත්වයට එවැනි දෙයක් තුළින් බාධාවක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා, මේ තුළින් අපේ තරගකාරීත්වය, දැනට තියෙන බදුවලට සාපේක්ෂව, ඊට අමතරව මේ තුළින් ළඟා වෙන බදු නිසා

    අපේ අරමුණ. මම මුලින් කියපු, අපේ කලාපයේ තියෙන තරගකාරීත්වය අපේ ආයෝජකයන්ට, ව්‍යාපාරිකයන්ට නඩත්තු කරගෙන ඉදිරියට යන්නේ කොහොමද? වෙළෙඳපොළ තරගකාරීත්වය. ඒ නිසා අනෙක් රටවල්වලටත් එහෙමමයි. ඒ නිසා ලංකාවට ඒ තුළින් විශේෂ අවාසියක් වේවි කියලා බලාපොරොත්තුවෙක් වෙන්නේ නැහැ, මේ ඇවිල්ලා තියෙන තත්ත්වය අනුව.