May, 26, 2016
2015 වසරේ දී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වාහන ප්‍රමාණය පෙර වසරට සාපේක්ෂව 60% කින් වාර්තාගත ඉහළ ගොස් තිබෙන බව ලංකා වාණිජ මණ්ඩලය විසින් නිකුත් කරන ලද ‘2015 ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳපොළ පිළිබඳ කාර්මික හා සංඛ්‍යානයම විශ්ලේෂණ‘(Statistical Analysis and Industrial Overview of Sri Lanka’s Vehicle Market 2015) වාර්තාවෙහි සඳහන් වේ. මෙය ලංකා වාණිජ මණ්ඩලය විසින් වාර්ෂිකව සකස් කරනු ලබන වාර්තාවකි.
මෙම වාර්තාවට අනුව පසුගිය වසරේ දී මෙරට වාහන ලියාපදිංචිය 56% කින් වැඩි වී තිබේ. ඊට අනුව සමස්ත ජනගහනයෙන් මිලියන 6.3 කට වාහන තිබෙන බව අනාවරණය වී ඇත. මේ අතර පසුගිය වසරේ දී වැඩි වශයෙන් ආනයනය කර ඇත්තේ මගී ප්‍රවාහන වාහනයි. ඊට අනුව 2014 වසරෙට වඩා 88% කින් 2015 වසරේ දී ආනයනය කරන ලද මගී ප්‍රවාහන වාහන ප්‍රමාණය ඉහළ ගොස් ඇත.
මේ අතර සමස්ත වාහන හිමියන්ගෙන් 53% ක් මොටර් බයිසිකල් හිමියන්, 17% ක් ත්‍රීවීල් හිමියන් සහ 11% ක් මෝටර් කාර් හිමියන් 11% ක් ලෙසින් හඳුනාගෙන ඇත.
Video Story