March, 7, 2016
වෙළෙඳ හිඟය පුළුල් වීම, සංචාරක ඉපැයීම් අඛණ්ඩ ඉහළ වර්ධනය සහ මධ්‍යස්ථ මට්ටමක පැවති විදේශ සේවා නියුක්තියන්ගේ ප්‍රේෂණ සමඟ 2015 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර ක්රියාකාරීත්වයක් පෙන්නුම් කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටී.
මෙහිදී 2015 වසරේ දී සමුච්ඡිත පදනම මත වෙළෙඳ හිඟය සුළු වශයෙන් වැඩි වී තිබෙන අතර සංචාරක ඉපැයීම් සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත.
මේ අතර 2015 වසරේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණයන් හ සුළු පහළ යාමක් වාර්තා වී තිබේ.
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර දෙකක් නිකුත් කිරීම සහ ඉන්දියානු සංචිත බැංකුව සමඟ විදේශ විනිමය හුවමාරු ගිවිසුමකට එළඹීම මගින් ලද ලැබීම් 2015 වසරේ දී ගෙවුම් තුලනයෙහි මූල්‍ය ගිණුම වෙත වූ ප්‍රධාන ලැබීම් බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙහිදී සඳහන් කර සිටී.
Video Story