July, 1, 2016
සමාගම් පිරිස් කළමනාකරණ ආයතනය (IPM) විසින් 2016 වසර සදහා සංවිධානය කරන ලද ජාතික මානව සම්පත් සමුළුවේදී කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව ජාතික මට්ට්මේ රන් සම්මානයකට හිමිකම් කීමට සමත් විය. මෙම සමුළුව මානව සම්පත් කළමනාකරණය පිළිබඳව දකුණු ආසියාවේ පැවැත්වෙන විශාලතම සමුළුව ලෙස සටහන් වී ඇත. පසුගිය කාලය තුල කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව විදහා දැක්වූ අතිවිශිෂ්ඨ මානව සම්පත් ප්‍රතිපත්ති හා ක්‍රියාවලියන් තුලින් සමාගමේ කාර්යය සාධනයට දැක්වූ දායකත්වය පදනම් කොටගෙන මෙම සම්මානය හිමි විය.
සම්භාවනීය විද්වත් මානව සම්පත් විනිශ්ච මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පැවැත්වූ මෙම තරගාවලිය මානව සම්පත් ප්‍රතිපත්ති පිළිබඳව දීර්ඝ විශ්ලේෂනයකින් හා අවසානයේදී පැවති ප්‍රශ්නාවලිය (VIVA) ඇතුළුව වට තුනකින් ජයග්‍රහණය කිරීමට හැකි වීම නිසා කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව රන් සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකාවේ කිර්තීමත් සමාගම් අභිභවා මෙම සුවිශේෂී රන් සම්මානය අත්පත්කරගැනීමට කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව, බොඩිලයින්, යුනිලීවර්, බ්‍රවූන්ස්, සම්පත් බැංකුව, වර්චුසා, හේයිලීස් ප්ලාන්ටේශන්ස් යන සමාගම් 7 සමත් විය.
මෙම සම්මානය පිළිබදව අදහස් දක්වමින් කොළඹ ව්‍යාපාර වස්තු ප්‍රධාන විධායක නිලධාරි, රජිව බණ්ඩාරනායක මහතා සදහන් කලේ, “අප ජාතික මට්ටමෙන් මානව සම්පත් ප්‍රතිපත්ති වෙනුවෙන් ඇගයීමේ සම්මානයක් අත්පත්කර ගැනීමට හැකිවීම අපට ආඩම්බරයක්. ගෙවුනු කාලය තුල මානව සම්පත් ප්‍රතිපත්තිවල සිදු වූ විශාල පරිවර්තනයන්ගේ නිවැරදි භාවය මෙම සම්මානය තුලින් තවදුරටත් තහවුරැ කර ගැනීමට අපට හැකි වුනා.”
IPM ආයතනය විසින් සංවිධානය කරනු ලබන ජාතික මානව සම්පත් සමුළුවේදී සුවිශේෂී වැඩසටහනක් වන ජාතික මානව සම්පත් විශිෂ්ඨතා සම්මාන උළෙල පැවැත්වීමේ මුලික අභිලාශය වනුයේ සමාගම් හා පුද්ගලයින්ගේ මානව සම්පත් කළමනාකරණ හැකියාවන් ඇගයිමකට ලක් කිරීමයි.
කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ මානව සම්පත් අංශ ප්‍රධානි ප්‍රශාන්ති සබේසන් මහත්මිය පැවසුවේ, “අපගේ සෑම විශිෂ්ඨ ජයග්‍රහණයකටම හේතුව අප සමාගමේ සේවක පිරිස් බව අප හොදින් දන්නවා. ඒ නිසා නිවැරදි තිරසාර මානව සම්පත් කළමනාකරණ ප්‍රතිපත්ති ගොඩ නැගීමට හා දියුණු කිරීමට අප සැමවිටම උත්සාහ දරනවා. මෙම සම්මානය හිමිවීම අපට ඉමහත් ගෞරවරයක්. IPM ආයතනය විසින් මෙවැනි අවස්ථාවක් ලබා දී අප සමාගමේ හැකියාවන් අගය කීරිම සතුටක්” බවය.
එතුමිය තව දුරටත් පවසා සිටියේ “මානව සම්පත් අංශය මගින් සිදූ වූ සංවර්ධනය ආයතනයේ තිරසාර සංවර්ධනය හා උපාය මාර්ග හා මනා ගැලපේ. මෙම සුවිශේෂී මානව සම්පත් කළමනාකරණ ප්‍රතිපත්ති මගින් අප ආයතනයේ සේවක පිරිසකගේ විශ්වාසය දිනා ගැනීමට හැකි වුනා. එසේම ගත වූ පසුගිය වර්ෂ තුල අපගේ අවධානය සේවක පිරිස්ගේ වැටුප් හා ප්‍රතිලාභ, කාර්ය සාධන කළමණාකරණය, බදවා ගැනීම සහ තේරීම, පුහුණුව හා සංවර්ධනය, සේවක සහභාගීත්වය දියුණු කිරීම යන ක්‍රියවලියන් සදහා යොමු කිරීමට හැකි වුනා.”යනුවෙනි.
මෑත කාලයේ ජාත්‍යන්තර මානව සම්පත් විශිෂ්ඨතා සම්මාන උළෙලදී (Global HR Excellence Awards) “වඩා නව්‍ය පුහුණු හා සංවර්ධන ක්‍රමවේදය භාවිතය (Most Innovative Use of Training and Development) සදහාද කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව සම්මානයට පාත්‍ර විය.
ඡායාරූපය - කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරි රජිව බණ්ඩාරනායක මහතා සම්මාන උළෙලදී