2016 දී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවයි

    January, 5, 2017

    පසුගිය 2016 වසරේ දී මෙරටට පැමිණි සංචාරකයින් ගණන 2,050,832 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවක සඳහන් වෙයි. මෙය 2015 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වූ 1,798,380 හා සැසඳීමේ දී 14% ක වර්ධනයකි. මේ අතර 2016 දෙසැම්බර් මාසයේ දී පැමිණි සංචාරකයින් සංඛ්‍යාවෙහි 9.1% ක වර්ධනයක් පෙන්නුම් කරමින්, සංචාරකයින් 224,791 ක් පසුගිය මාසය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    ගෙවීගිය වසර තුළ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාව ‍වෙත පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. එහිදී 12.8% ක වර්ධනයක් සනිටුහන් කරමින් 356,729 ක සංචාරකයින් ප්‍රමාණයක් 2016 දී මෙරටට පැමිණ තිබේ. මේ අතර පසුගිය වසර තුළ 271,577 ක සංචාරකයින් ප්‍රමාණයක් චීනයෙන් මෙරටට පැමිණ ඇති අතර එය 26.4% ක ඉහළ යාමකි. මීට අමතරව එක්සත් රාජධානියෙන් 188,159 ක්, ජර්මනියෙන් 133,275 ක්, ප්‍රංශයෙන් 96,440 ක් සහ මාලදිවයිනෙන් 95,167 ක් වශයෙන් වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට ආ සෙසු රටවල් ලෙසින් වාර්තා වී තිබේ.

    පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යා වාර්තාවයි.