July, 4, 2016
2016 අප්‍රේල් මාසයේ දී 136,367 ක පැමිණීම් සංඛ්‍යාවක් සමඟින් සංචාරක පැමිණීම් පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 11.6% ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව 2016 වසරේ පළමු මාස 4 තුළ වූ සමුච්ඡිත සංචාරක පැමිණීම් 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදය සමඟ සැසඳීමේ දී 721,185 දක්වා 20% කින් වර්ධනය වී ඇත.
ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය 2016 වසරේ අප්‍රේල් මාසයේ දී සංචාරකයින් පැමිණීමේ ප්‍රධාන රටවල් 5 වූ අතර, මුළු සංචාරක පැමිණීම්වලින් 53.1% කට දායක වී තිබේ.
2016 පළමු මාස හතර තුළ සමුච්ඡිත සංචාරක ඉපැයීම් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 996.2 ට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 1,195.3 ක් දක්වා වර්ධනය වී තිබේ.