July, 15, 2016
හෝටල් සහ සත්කාරක ක්ෂේත්‍රයේ නවීන සහ සුඛෝපභෝගී සන්නාම මෙරට වෙළඳපලට හඳුන්වා දීමේ පුරෝගාමියෙකුවන Koala සමාගම 2016 හෝටල් ප්‍රදර්ශනයේදී Nude, Robert Welch, Forbes Industries Asia ඇතුළු නව මාදිලි රැසක් ප්‍රදර්ශනය කිරීමට නියමිතය. සත්කාරක ක්ෂේත්‍රයේ නවීනත ම නිෂ්පාදන හා තාක්ෂණික ක්‍රමවේද ප්‍රදර්ශනය කෙරෙන මෙරට ප්‍රධානත ම වේදිකාව ලෙස සැලකෙන වාර්ෂික හෝටල් ප්‍රදර්ශනය මෙවර ජුලි මස 22-24 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් වේ.
පසුගිය වසර දෙකෙහිදී ම මෙම ප්‍රදර්ශනය නියෝජනය කරමින් Koala සමාගම, Onedia සහ Saint Andrea හැඳි-ගෑරුප්පු, ස්පාඤ්ඤයේ Vicrilla වීදුරු භාණ්ඩ සහ Koala නිෂ්පාදන රැසක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළේය.
මේ වසරේදී එම සමාගම හෝටල්, ආපණ ශාලා සහ ආහාර-පාන ක්ෂේත්‍රවල කාර්යබහුල පරිසරයන්ට ඔබින ලෙස සන්නාම හඳුන්වා දීමට කටයුතු කරයි. මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන සියලු ම ජාත්‍යන්තර සන්නාමයන්හි මෙරට එක ම බලයලත් නියෝජිතයා වන්නේ ද Koala සමාගමයි.
"ලොව කීර්තිමත් සන්නාම රැසක් මෙවර ප්‍රදර්ශනයේදී ද ජනතාවට හඳුන්වා දීමට අප කටයුතු කරනවා. ඉහළ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන පෙළක් සාධාරණ මිල ගණන් යටතේ මෙරට වෙළඳපලට හඳුන්වා දීම අපගේ ඉලක්කයයි." Koala සමාගමේ විකුණුම් සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී ඉම්තියාස් අසීස් මහතා සඳහන් කළේය.
ඉස්තාන්බුල් නගරයේ ගෝලීය සන්නාමයක්වන NUDE සන්නාමය එහි හෝටල් සහ නිවෙස් සඳහා ද මැනවින් ගැලපෙන ක්‍රිස්ටල් වීදුරු භාණ්ඩ රැසක් සමගින් දේශීය වෙළඳපලට හඳුන්වා දීමට නියමිතය. NUDE සන්නාමය අතින් සහ යන්ත්‍ර මගින් නිමවන ලද ඊයම්වලින් තොර අසමසම ක්‍රිස්ටල් වීදුරු භාණ්ඩ පෙළකින් සමන්විතය.
ලොව ප්‍රමුඛත ම හෝටල් සහ ආහාර-පාන සේවා ක්ෂේත්‍රයේ උපාංග සම්පාදකයෙකුවන Forbes Industries Asia සන්නාමය, ඇමරිකා එක්සත් ජනපදය, තායිලන්තය සහ චීනය යන රාජ්‍යයන්හි නිෂ්පාදිත භෝජන සංග්‍රහ සහ ගෘහ පාලන උපාංග Koala ප්‍රදර්ශන කුටියේදී ප්‍රදර්ශනය කරයි.
භාවිතය පහසු, දිගුකල් පවතින ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන පෙළක් රැගත් Forbes Industries Asia සමාගමේ සභාපති මයිකල් කෝ මහතා හමුවීමට ද Koala ප්‍රදර්ශනාගාරය වෙත පැමිණෙන ජනතාවට අවස්ථාව උදා වේ.
"මයිකල් කූ මහතා ගෘහ සහ ආහාර-පාන වෘත්තිකයන් හට සිය නිෂ්පාදන පිළිබඳ දැනුම ලබා දීමට කටයුතු කරයි. පාරිභෝගිකයාගේ අවශ්‍යතාවට ගැළපෙන අයුරින් සිය නිෂ්පාදන ලබා දීම Forbes නාමයේ විශේෂත්වයයි" අසීස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ලොව පුරා ආපණ ශාලා, හෝටල් සහ සත්කාරක ව්‍යාපාර ක්ෂේත්‍රය සඳහා හැඳි-ගෑරුප්පු, මුළුතැන්ගේ පිහි සපයනු ලබන ලොව සුපතළ සන්නාමයක්වන Robert Welch නාමය, අතින් සහ යන්ත්‍ර මගින් නිමවන ලද අලංකාරවත් සහ එදිනෙදා භාවිතයට වඩාත් ඔබින නිෂ්පාදන පෙළක් හෝටල් ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
Koala සන්නාමය යටතේ, හෝටල් ක්ෂේත්‍රය සඳහා වඩාත් ඔබින හානි නොවන පොලිකාබනේට් බඳුන් මෙන්ම, සුදු යකඩයෙන් නිෂ්පාදිත මේස, සින්ක්, ට්‍රොලි, වියන් ආදී මල නොබඳින උපාංග ද මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.
Vicrila සමාගමේ ආසියානු සහ මැදපෙරදිග විකුණුම් උපදේශක ඇලිස්ඩෙයාර් විල්කොක්ස් සහ Oneida සමාගමේ ආසියානු සහ මැදපෙරදිග කළමනාකාර අධ්‍යක්ෂ ඇඩ්රියන් හැංගර් යන මහත්වරු ද ප්‍රදර්ශනය අතරතුර Koala ප්‍රදර්ශන කුටියේ රැඳී සිටිනු ඇත.
වේගයෙන් වර්ධනයවන මෙරට සත්කාරක ක්ෂේත්‍රය සඳහා අසමසම විසඳුම් ලබා දෙන Koala සමාගම, මීගමුව හෙරිටන්ස්, පාසිකුඩා අනන්තාරා ඇන්ඩ් ස්පා, ජෙට්විං යාල, ජෙට්විං බ්ලූ, වයික්කාල් සූරිය ලක්ෂරි රෙසෝට් සහ අර්ල්ස් රීජන්සි ඇන්ඩ් රීජන්ට් ආදී මහා පරිමාණ හෝටල් සඳහා ද සිය නිෂ්පාදන සපයා ඇත.
බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ඩී ශාලාවේ අංක 7,8,11 සහ 12 යන පරිශ්‍රයන්හි සිය ප්‍රදර්ශනාගාරයන්ට පිවිස නාවොත්පාදන නිෂ්පාදන සහ විසඳුම් පිළිබඳ දැනුම ලබා ගන්නා ලෙස Koala සමාගම සත්කාරක සහ ආහාර සේවා ක්ෂේත්‍රයේ වෘත්තිකයන් හට ආරාධනා කරයි.
Video Story