October, 28, 2016
ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කළ 2016 NASCO (National Sales Congress) සම්මාන ප‍්‍රදානයේදී සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සම්මාන හතක් දිනාගත්තේ වාර්ෂිකව පැවැත්වෙන මෙම ගෞරවණීය සම්මාන ප‍්‍රදානයේදී නැවතත් ප‍්‍රමුඛස්ථානයක් ලබා ගනිමිනි.
මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් දිනාගත් මෙම සම්මාන ගොන්නට ජීවිත රක්ෂණ අංශය වෙනුවෙන් ‘ෆ‍්‍රන්ට් ලයිනර්’ කාණ්ඩය යටතේ ප‍්‍රදානය කළ සම්මාන තුනම ඇතුළත් වූ අතර රන් සම්මාන දෙකක්, රිදී සම්මාන තුනක් සහ ලෝකඩ සම්මාන දෙකක් මෙහිදී දිනා ගන්නා ලදී.
මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ තරුව බවට කුමාරි ධනපාල මෙනෙවිය පත්වූ අතර ඇය ජීවිත රක්ෂණ අංශයේ ‘ෆ‍්‍රන්ට් ලයිනර්’ කාණ්ඩය යටතේ රන් සම්මානයත්, සියළුම අංශ නියෝජනය කරමින් පිරිනැමූ වසරේ විශිෂ්ටතම කාන්තා අලෙවි නියෝජිතවරියට හිමි ඒකාබද්ධ රන් සම්මානයත්, සියළුම කාර්මාන්ත අංශ වෙනුවෙන් පිරිනැමූ වසරේ විශිෂ්ටතම ‘ෆ‍්‍රන්ට් ලයිනර්’ ඒකාබද්ධ රිදී සම්මානයත් දිනා ගනිමින් විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කරන ලදී.
මීට අමතරව, සී.ඒ.ආර්. උපසේන මහතා මෙම වසරේදී සෙලින්කෝ ලයිෆ් වෙනුවෙන් ජීවිත රක්ෂණ අංශයේ ‘ෆ‍්‍රන්ට් ලයිනර්’ කාණ්ඩයේ රිදී සම්මානයත්, අංජුල සිල්වා මහතා ජීවිත රක්ෂණ අංශයේ ‘ටෙරිටරි මැනේජර්’ කාණ්ඩය යටතේ රිදී සම්මානයත්, එම්. ප‍්‍රියවිරාජ් මහතා සහ ඩබ්ලිව්.පී.ආර්.එම්. සිල්වා මහතා පිළිවෙලින් ජීවිත රක්ෂණ අංශය යටතේ ‘ෆ‍්‍රන්ට් ලයිනර්’ සහ ‘සේල්ස් එක්සෙකටිව්’ යටතේ ලෝකඩ සම්මානත් දිනා ගන්නා ලදී.
‘‘ජීවිත රක්ෂණය ඉතාමත් පෞද්ගලික දෙයක් වන නිසා සාර්ථකවීම සඳහා විකුණුම් කරන්නා විසින් පාරිභෝගිකයා සමග ඉතාමත් කිට්ටු විශ්වාසයක් ගොඩනගා ගැනීම අවශ්‍ය වෙනවාල’’ යනුවෙන් මෙහිදී අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ආර්. රෙන්ගනාදන් මහතා සඳහන් කළේය. ‘‘අපි සෑම අවස්ථාවකදීම අපගේ අලෙවි කණ්ඩායමට වෘත්තීයභාවයේ සහ අවංකභාවයේ තිබෙන වැදගත්කම අවධාරණය කරන්නේ මේ නිසයි. මෙම සම්මාන මගින් කිසිදු විවාදයකින් තොරව මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වීමට සමාගමට තිබෙන ගුණය පෙන්නුම් කරනවා. මේ නිසා, අපගේ සාර්ථකත්වය වෙනුවෙන් ඉහළ කැපවීමෙන් සේවය කරන අපගේ සම්මානනීය අලෙවි කණ්ඩායමේ ජයග‍්‍රහණයන් පිළිබඳව අපි ආඩම්බර වෙනවා.’’
විකුණුම් ක්ෂේත‍්‍රයේ විශිෂ්ටත්වය අගයමින් මෙරට වෘත්තිකයින් දිරිගැන්වීම වෙනුවෙන් පවත්වන ප‍්‍රමුඛතම සම්මාන ප‍්‍රදානයක් ලෙස සැලකෙන මෙහිදී විකුණුම් විශිෂ්ටත්වය හඳුනා ගනිමින් විවිධවූ අංශවල විකුණුම් වෘත්තිකයින්ව ඇගයීමට ලක්කරමින් ඔවුන්ට ඉහළම ජයග‍්‍රහණ ලබාගැනීම සඳහා දිරියක් ලබාදෙයි. ශීඝ‍්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG)" , මූල්‍ය නිෂ්පාදන සහ සේවා, රක්ෂණය, රථවාහන ආයතනික අලෙවිය, විදුලි සංදේශ, සංචාරක සහ හෝටල්, විලාසිතා සහ රෙදිිපිළි, කල් පවත්නා පාරිභෝගික භාණ්ඩ, මධ්‍යසාර දුම්කොළ, කර්මාන්ත, සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණය, මාධ්‍ය සහ නවීන සිල්ලර වෙළඳාම වැනි අංශ නියෝජනය කරන හොඳම ‘ෆ‍්‍රන්ට් ලයිනර්’, ‘සේල්ස් එක්සෙකටිව්’ සහ ‘ටෙරිටරි මැනේජර්’ යන අංශ සඳහා NASCO විසින් රන්, රිදී හා ලෝකඩ සම්මාන පිරිනමයි.
මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වැඩිම ශාඛා ජාලය වන ශාඛා 250 ක් පවත්වාගෙන යන සෙලින්කෝ ලයිෆ් මෙරට දිස්ත‍්‍රික්ක 25 ආවරණය වන පරිදි ගම් සහ නගර 142 ක ශාඛා පවත්වාගෙන යයි. මෙහි සේවය කරන අලෙවි කණ්ඩායම 4000 කට අධික වේ.
2004 වසරේ සිට ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.
2016 NASCO සම්මාන දිනාගත් සෙලින්කෝ ලයිෆ් සමාගමේ පස් දෙනා අතුරින් සිව්දෙනකු (වමේ සිට) එම්. ප‍්‍රියවිරාජ් මහතා, සී.ඒ.ආර්. උපසේන මහතා, කුමාරි ධනපාල මෙනෙවිය සහ ඩබ්ලිව්.පී.ආර්.එම්. සිල්වා මහතා
Video Story