2017 දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම මිලියන 762ක්

    February, 17, 2018

    2017 වසරේ දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 762.06කට අධික බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි.
    දේශීය සංචාරකයින් පැමිණීම නිසා රුපියල් මිලියන 177.42ක්ද , විදේශීය සංචාරකයින්ගේ පැමිණීම නිසා මිලියන 564.25ක් ද උපයාගෙන ඇති අතර වෙනත් කටයුතු හේතුවෙන් රුපියල් මිලියන 20.39ක ආදායමක් ද උපයාගෙන ඇත.
    ඒ අනුව 2017 වසරේ දී ජාතික සත්වෝද්‍යාන වෙත සංචාරකයින් 2,219,841ක් පැමිණ ඇත.  ඒ අතරින් 1,942,519ක් දේශීය සංචාරකයින් වන අතර 277,322ක් විදේශ සංචාරකයින් ද වනු ඇත.