2017 දී හම්බන්තොට වරායට නැව් 183ක්

    February, 25, 2018

    මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය වෙත 2017 වසරේ දී නෞකා 183ක් පැමිණ ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
    ඒ අනුව මෙම සම්පූර්ණ නෞකා ප්‍රමාණයෙන් නෞකා 175ක් ම භාණ්ඩ නෞකාවන් වේ.
    එමෙන් ම එම වසරේ ම ටොන් 126,514ක් මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය වෙත ගොඩ බා ඇති අතර ටොන් 46,835ක් මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය වෙතින් නැව්ගත කොට ඇත.