2017 ෆෙයාර්වේ ගාලූ සාහිත්‍යය උත්සවයට ලොව සුපතල ගත්කතුවරුන් සහ කලාකරුවන් රැසක්

    October, 19, 2016

    2016 වසරේදී ඉතාමත් සාර්ථකව පැවැත්වූ ෆෙයාර්වේ ගාලූ සාහිත්‍යය උත්සවය මෙවරත් ඉතාමත් උත්කර්ශවත් අයුරින් වඩාත් පුළුල්ව සංවිධානය කර තිබෙන අතර එය 2017 ජනවාරි 11 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙවර මෙම සාහිත්‍යය උත්සවය පැවැත්වෙන්නේ අටවන වරට වන අතර සෑම වසරකම මෙම උත්සවයේ ප‍්‍රමාණය, පරාසය සහ අන්තර්ගතය වඩාත් පුළුල්වීම කැපී පෙනෙන කාරණාවකි. 2017 උත්සවය වෙනුවෙන් ලොව සුපතල ගත්කතුවරුන් රැසක් සහභාගී වීමට නියමිත අතර Philippa Gregory, Katherine Boo සහ Christina Lamb මින් ඉදිරියෙන්ම සිටී.

    මෙම සාහිත්‍යය උත්සවයේ පළමු වරට ජනවාරි 14 වනදා සම්පූර්ණ දිනයම සිංහල වැඩසටහන් සඳහා වෙන්කර තිබෙන අතර එය පැවැත්වෙන්නේ ගාලූ කොටුවේ සමුද්‍ර කෞතුකාගාරයේයි. මෙහිදී, කැපී පෙනෙන්නේ ජනවාරි 14 වනදා පැවැත්වෙන සියළුම වැඩසටහන් නොමිලේ පැවැත්වීමයි. ෆෙයාර්වේ ජාතික සාහිත්‍යය සම්මානය වෙනුවෙන් නම්කර තිබෙන සිංහල කතුවරුන් මෙදින ක‍්‍රියාකාරකම් වලට සහභාගී වන අතර සිංහල කාව්‍ය නිර්මාණ, කෙටිකතා සහ නවකතා පිළිබඳව මෙහිදී සාකච්ඡුා කෙරෙනු ඇත. මෙහිදී, අමරකීර්ති ලියනගේ සහ සුනේත‍්‍රා රාජකරුණානායක සහභාගීවන වැඩසටහනේදී ෂෙහාන් කරුණාතිලකගේ සම්මානනීය ’Chinaman’ කෘතියේ සිංහල පරිවර්තනයක් ඉදිරිපත් කරනු ඇත.

    www.galleliteraryfestival.com වෙබ් අඩවියට පිවිසීමෙන් මෙවර ගාලූ සාහිත්‍යය උත්සවය වෙනුවෙන් සහභාගීවන්නන්ගේ සම්පූර්ණ ලයිස්තුවක් ලබාගත හැකි අතර එහි ප‍්‍රචලිත පුද්ගලයින් 60 දෙනෙකුට වඩා සිටීම කැපී පෙනේ. සහභාගීවන ගත්කතුවරුන් සහ කලාකරුවන් වඩාත් පුළුල් විශේෂඥ විෂය මාලාවන් කරා විහිදෙන අතර ඒ තුළින් මෙම උත්සවය වඩාත් අර්ථවත් කරනු ඇත.

    මෙම උත්සවය සමග අත්වැල් බැඳගෙන තිබෙන පාර්ශවකරුවන් දක්වන සහයෝගය ඉතාමත් ඉහළ තලයක තිබෙන අතර මෙහි සාර්ථකත්වයට මොවුන්ගේ දායකත්වය ප‍්‍රබල හේතුවක්වී තිබේ.

    මීට අමතරව, මෙම සාහිත්‍යය උත්සවය සාර්ථක කර ගැනීම සඳහා නිළ අනුග‍්‍රාහකයින් ලෙස ජෙට්වින්ග් හොටෙල්ස්, ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම, ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම සහ ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන අධිකාරිය එක්වී තිබේ.

    2017 උත්සවය වෙනුවෙන්ද නැවත වරක් රිදී පාර්ශවකරුවන් ලෙස Amangalla, The British Council, Galle Face Hotel, The Fort Printers, Anim8 සහ the Owl and the Pussycat එක්වී තිබෙන අතර Gunaratne Offset අළුතෙන් රිදී පාර්ශවකරුවෙකු ලෙස පැමිණ ඇත.

    ලෝකඩ පාර්ශවකරුවන් ලෙස Galle Fort Hotel, Fortaleza, Galle Henna Beach, Watermart, Jetwing Travels, MCN සහ CPR මෙවර ඉදිරිපත් වී සිටී. සංස්කෘතික පාර්ශවකරුවන් ලෙස සහයෝගය ලබාදෙන්නේ Goethe Institute, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සහ කලාව සඳහාවූ කැනඩා කවුන්සලයයි.

    මීට අමතරව, නවාතැන් පහසුකම් පාර්ශවකරුවන් ලෙස Fort Bazaar Hotel and Spa, Tamarind Hill, Taru Villas, Judy Green, Kahanda Kanda සහ Why House සහභාගී වන අතර උත්සවයේ හිත මිතුරන් ලෙස Barefoot, Perera Hussein Publishing House, YAMU, Ishan, Favourites, Anantara Hotels, Resorts and Spas, Esufally Family Foundation සහ Antic සහයෝගය දක්වයි. 2017 වසරේ ප‍්‍රවේශපත් පාර්ශවකරුවා වන්නේ Mydeal.lk වෙබ් අඩවියයි.

    මෙම උත්සවයේදී ඉතාමත් උද්යෝගිමත් සාහිත්‍යය සම්මාන උළෙල දෙකක් පවත්වන අතර ෆෙයාර්වේ ජාතික සාහිත්‍යය සම්මාන ප‍්‍රදානය මෙවර පවත්වන්නේ දෙවන වසර සඳහායි. අළුතෙන් හඳුන්වා දී තිබෙන කාව්‍ය නිර්මාණ සඳහා ලබාදෙන Edward Lear ත්‍යාගය the Owl and the Pussycat Hotel විසින් ලබාදෙනු ඇත.

    මෙහිදී, අදහස් දක්වමින් මෙම උත්සවයේ සමාරම්භක Geoffrey Dobbs මහතා මෙසේ සඳහන් කළේය. ’දිනෙන් දිනම ශක්තිමත් වෙමින් ඉදිරියට යන ෆෙයාර්වේ ගාලූ සාහිත්‍යය උත්සවය සඳහා අද වනවිට ලෝකයේ සිටින හොඳම කතුවරුන් සහ කලාකරුවන් සහභාගී වෙනවා. 2017 වසර වෙනුවෙන් සහභාගී වන එවැනි ප‍්‍රවීණයින්ගේ නම් ලයිස්තුව අද ප‍්‍රකාශයට පත්කරන අතර ඒ පිළිබඳව අප ආඩම්බර වෙනවා. සාහිත්‍යය කෙරෙහි ඇල්මක් දක්වන ජනතාව මෙහි අත්දැකීම් විඳ ගැනීමට ජනවාරි මාසයේදී එක්වනු ඇතැයි අපි බලාපොරොත්තු වන අතර ලොව පුරා සිටින සාහිත්‍යය පේ‍්‍රමී සහෘදයින් මෙහිදී එකතු වෙනවා.’

    ඉතාමත් වැදගත් තොරතුරු ලබාගැනීම සඳහා www.galleliteraryfestival.com වෙබ් අඩවිය, එහි Facebook පිටුව සහ අනිකුත් සමාජ ජාල අඩවි භාවිතා කළ හැකියි.මීට අමතරව, උත්සවය සම්බන්ධ නවතම කරුණු ඉදිරිපත් කරන ඊ-මේල් තොරතුරු ලබාගැනීම වෙබ් අඩවියේ ලියාපදිංචි වීම මගින් සිදුකළ හැකිවේ.