September, 21, 2017
ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් උත්කර්ශවත් අයුරින් පැවැත්වූ 2017 CNCI Achiever Awards සම්මාන ප්රදානෝත්සවයේදී රෙදි නිෂ්පාදනයේ කළාපයේ දැවැන්තයා වන Teejay Lanka PLC සමාගම ගෞරවණීය ලෙස සම්මානයට පාත්රවිය.
මෙහිදී, කර්මාන්ත විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනමන CNCI හොඳම විශේෂ සම්මාන 10 දිනාගත් සමාගම් අතරට Teejay සමාගම තේරී පත්වූ අතර නිෂ්පාදන අංශය යටතේ දැවැන්ත පරිමාණයේ (Extra-Large Category) සමාගම් වෙනුවෙන් පිරිනමන ජාතික මට්ටමේ ලෝකඩ සම්මානය දිනාගත්තේද මෙම සමාගම විසිනි. 2017 CNCI Achiever Awards සම්මාන ප්රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වුණි.
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට තිබෙන ප්‍රමුඛතම සමාගමක් ලෙස Teejay Lanka PLC සතුව තිබෙන තත්ත්වය මෙම සම්මාන මගින් තවදුරටත් තහවුරු වූ අතර ජාතික සහ ජාත්‍යන්තර නිෂ්පාදන සහ කර්මාන්ත විශිෂ්ටත්වය සඳහා පසුගිය වසර කිහිපය තුළ සමාගම ලැබූ අඛණ්ඩ ජයග්රහණයන් යළිත් වතාවක් මෙමගින් ඇගයීමට ලක්විය. සමාගම විසින් ISO 9001:2008, ISO 14001:2004 සහ OHSAS 18001:2007 යන ජාත්‍යන්තර තත්ත්ව සම්මාන දිනාගෙන තිබෙන අතර කර්මාන්තය තුළ හරිත රෙදිපිළි නිෂ්පාදනය කළ පළමු සමාගම වන්නේද මෙයයි. මීට අමතරව, සමාගම විසින් බොහෝ ධනාත්මක සංවර්ධනයන් කර්මාන්තය වෙනුවෙන් සිදුකර තිබේ.
කර්මාන්ත විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනමන CNCI Achiever Awards සම්මාන ලබාදෙන්නේ සමාගම්වල පිරිවැටුම, අගය එකතු කිරීම, ඵලදායීතාවය, සේවා නියුක්ති දත්ත සහ සේවකයින්ගේ ශුභ සාධනය, ව්‍යවස්ථාපිත වගකීම, ආයතනික සැලසුම, පරීක්ෂණ සහ සංවර්ධනය, තත්ත්ව සහතිකකරණය, පාරිසරික වගකීම, සමාජ වගකීම සහ කාර්මික සහ වෘත්තීය සෞඛ්‍ය මෙන්ම ආරක්ෂිත ක්‍රියා මාර්ග යන කරුණු තියුණු ලෙස ඇගයීමට ලක් කරමිනි.
Teejay Lanka PLC සමාගම දිනාගත් සම්මාන පිළිබඳව එහි ප්‍රධාන මෙහෙයුම් නිළධාරී, පුබුදු ද සිල්වා මහතා අදහස් දැක්වූයේ මෙසේයි. ‘මෙම සම්මාන මගින් ජාතික ආර්ථිකයට අප විසින් සිදුකර තිබෙන දායකත්වය ඇගයීමට ලක්කර තිබෙන අතර කලාපය තුල නව්‍යතාවයෙන් යුතු ගෝලීය තත්ත්වයේ ගොතන ලද රෙදිපිළි විසඳුම් ලබාදෙන්නෙකු බවට කළාපය තුළ පත්වීමේ සමාගමේ අපේක්ෂාව සඳහා ලැබුණු සහතිකයක් ලෙසද මෙය ප්‍රකාශ කළ හැකියි. අපගේ සේවකයින්ගේ කාර්ය සාධනය සමග සමාගමේ තිබෙන ඉහළ ගුණාත්මක තත්ත්වයක් පවත්වා ගැනීමේ කැපවීම, වේගය, ඵලදායීතාවය සහ නවෝත්පාදනය යන කරුණු මෙම සම්මාන දිනා ගැනීම සඳහා අපට උපකාරී වී තිබෙනවා.’
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කර්මාන්ත මණ්ඩලයක් වන ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය මේ ආකාරයේ සම්මාන ප්‍රදානෝත්සවයක් පැවැත්වූ පිට පිටම 16 වන වර්ෂය වන්නේ මෙයයි. මෙම සම්මාන සඳහා ජයග්‍රාහයින් කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් විසින් තෝරාගත් අතර මෙහිදී කර්මාන්ත ක්ෂේත්රයේ දැක්වූ විශිෂ්ටත්වය වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකර තිබේ.
කොළඹ කොටස් වෙළඳපොළේ ලයිස්තු ගතකර තිබෙන සමාගමක් වන Teejay සමාගම පසුගිය වසරේදී S&P Top 20 දර්ශකයටද තේරී පත්විය. මීට අමතරව, ෆෝබ්ස් සමාගම විසින් ‘200 Best under a Billion in Asia’ ලයිස්තුවටද මෙම සමාගම ඇතුළත් කර ඇත. Teejay සමූහයේ කොටස් හිමිකාරීත්වය අයත් වන්නේ හොංකොං පදනම් කරගත් චීනයේ දැවැන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලා හිමි Pacific Textiles සමාගමට සහ ශ්‍රී ලංකාවේ ඇඟලූම් අපනයනයේ විශාලතම තනි සමාගම් සමූහය වන බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමටයි.
Teejay සමාගම විසින් GSP සහනය මගින් ලැබෙන වර්ධනය අපේක්ෂා කරමින් ඩොලර් මිලියන 15 ක පමණ මුදලක් ඉන්දියාවේ මෙහෙයුම් කටයුතු දෙගුණ කිරීම සඳහා ආයෝජනය කළ අතර ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කටයුතු පුළුල් කිරීම සඳහාද ආයෝජනය කර තිබේ.


සේයාරු සටහන - (ඉහළ) Teejay Lanka PLC සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී, පුබුදු ද සිල්වා මහතා සහ නවෝත්පාදන සහ සංවර්ධන ප්‍රධානී සෝමසිරි මානගේ මහතා වමේ සිට (පිළිවෙලින් 03 සහ 02) නිෂ්පාදන අංශය යටතේ දැවැන්ත පරිමාණයේ (Extra-Large Category) සමාගම් වෙනුවෙන් පිරිනමන ජාතික මට්ටමේ ලෝකඩ සම්මානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලබාගත් අවස්ථාව සහ (පහළ) සමාගමේ ප්‍රධාන මූල්‍ය නිළධාරී, සල්මන් නිස්තාර් මහතා විසින් ඛණිජ සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් CNCI Top 10 Achiever Award සම්මානය ලබාගත් අවස්ථාව.
Video Story