October, 25, 2018
අභිමානවත් ඉතිහාසයක් උරුම කොටගත් ශ‍්‍රී ලංකාව සීඝ‍්‍රයෙන් දියුණු වන ලෝකයත් සමඟ පෙරට යන ගමනේදී නවෝත්පාදනයෙන්, නව නිපැයුමෙන් සන්නද්ධ වීම අතිශයින් වැදගත් ය. මධ්‍ය ආදායම් රටක් වන ශ‍්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත්කිරීම කරා යන ගමනේදී සෙසු සියලූ පහසුකම් සපුරාලීම මෙන්ම නව්‍යකරණ හා නවෝත්පාදන උදෙසා නව නිපැයුම්කරුවන් දිරිගැන්වීම අතව්‍යශ්‍යයෙන් සිදුකළ යුත්තකි. ඒනිසාම, අපූර්වතම නව නිපැයුම් අතිවිශාල සංඛ්‍යාවක් ලක්මවට දායාද කළ, මෙරට ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ පියා ලෙස සැළකෙන කීර්තිමත් සිවිල් ඉංජිනේරුවරයකු මෙන්ම ශ‍්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ පළමු කොමසාරිස්වරයා වූ දේශබන්දු, ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතාගේ ජන්ම දිනය යෙදෙන ඔක්තෝබර් 26 වැනි දින නව නිපැයුම්කරුවන්ගේ ජාතික දිනය ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ප‍්‍රකාශයට පත්කරන ලදී. නව නිපැයුම්කරුවන් ඒකරාශී කිරීම, නව නිර්මාණ සදහා ඔවුන් දිරිමත් කිරීම හා හඳුනාගත් නව නිපැයුම්කරුවන් සම්මානයෙන් ඇගැයීම, මෙම ජාතික දින ප‍්‍රකාශයට පත්කිරීමේ මූලික අරමුණයි. මෙම මූලාරම්භය, හෙට දවසේ නව නිපැයුම්කරුවන්ට වඩාත් හොඳ හෙට දවසක් බිහිකරනවා නොඅනුමාන ය.
නව නිපැයුම්කරුවන්ගේ පළමු ජාතික දින සැමරුම 2016 ඔක්තෝබර් 26 වැනිදා නෙළුම් පොකුණ රගහලේදී අතිඋත්කර්ශවත් අන්දමින් සැමරුණු අතර දෙවැනි ජාතික දින සැමරුම සාර්ථක ලෙස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී 2017 ඔක්තෝබර් 26 වැනිදා පැවැත්විණ. තෙවැනි වරටත් මෙවර පවත්වනු ලබන නව නිපැයුම්කරුවන්ගේ ජාතික දින සැමරුම 2018 ඔක්තෝබර් 26 වැනිදා අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ප‍්‍රධාන ශාලාවේදී පැවැත්වේ. මෙම අවස්ථාවට විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු සහ මහනුවර උරුමයන් පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු සහ මහනුවර උරුමයන් පිළිබඳ ගරු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු සහ මහනුවර උරුමයන් පිළිබඳ ගරු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන සහ ශ‍්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් ආචාර්ය මහේෂ් එදිරිසිංහ යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැුසක් සහභාගි වීමට නියමිතය.
නව නිපැයුම්කරුවන්ගේ ජාතික දින සැමරුම ඔස්සේ අපේක්ෂිත අරමුණු කිහිපයකි. නව නිපැයුම්කරුවන් අගැයීම සහ ශ‍්‍රී ලංකාව නවෝත්පාදන ආර්ථිකයක් කරා ගෙනයාමට වැඩි වැඩියෙන් නව නිපැයුම් කිරීම සදහා ඔවුන් දිරිමත් කිරීම, නව නිපැයුම්කරුවන් ඒකරාශී කිරීම තුළින් නව නිපැයුම්කරුවන්ගේ කොමිසම ඔවුන් සමග සහසම්බන්ධයක් ඇතිකරගැනීම මෙන්ම ඔවුනොවුන් අතර සබදතාවක් ගොඩනැගීම, වෙළෙදපොළ සහ ආයෝජන අවස්ථා සැලසීම තුළින් වඩාත් ගුණාත්මක නව්‍යකරණ කෙරෙහි නව නිපැයුම්කරුවන්ගේ අවධානය යොමුකිරීම, කොමිසමක් ස්ථාපිත කිරීම මගින් යෝජිත නව නිපැයුම්කරුවන්ගේ ජාතික දින සැමරුමට සමගාමීව වාර්ෂික සම්මාන ප‍්‍රදානෝත්සව පවත්වා වඩාත් ඵලදායී වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම, නව්‍යකරණය මගින් රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට ලාංකීය නව නිපැයුම්කරුවන්ට මූලිකත්වය ලබාදීම යන අරමුණු ඒ අතර වේ.
ලොව ප‍්‍රථම වතාවට රටක රජයක් විසින් සිය නව නිපැයුම්කරුවන් හඳුනාගැනීම වෙනුවෙන් විශේෂිත වූ හැඳුනුම්පතක් නිකුත් කිරිමේ ගෞරවය හිමිකරගන්නා ලද්දේ ශ‍්‍රී ලංකාවයි. ඒ අනුව මෙරට පළමු වරට පැවැති නව නිපැයුම්කරුවන්ගේ ජාතික දින සමරුවේදී අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් නව නිපැයුම්කරුවන් සඳහා වන පළමු හැඳුනුම්පත ප‍්‍රදානය කෙරිණ. නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ සංකල්පයකට අනුව සකස් කළ මෙම වැඩපිළිවෙළ වෙනුවෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අංක 16/1390/716/029 දරණ යෝජනාවට 2016.07.26 දින අනුමැතිය ද හිමිවිය. නව නිපැයුම්කරුවන්ගේ කොමිසම අයත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් මෙම හැඳුනුම්පත නිකුත් කරනු ලබයි. ශ‍්‍රී ලංකා නව නිපැයුම්කරුවන් වෙත පිළිගැනීමක් ලබාදීම හා ඔවුන් ධෛර්යමත් කිරීම මෙමගින් අරමුණු කෙරේ.
මෙම විශේෂ හැඳුනුම්පත ඛාණ්ඩ 5ක් යටතේ නිකුත් කරනු ලබයි. පළමු ඛාණ්ඩය යටතේ පේටන්ට් බලපත‍්‍රය සහිත ශ‍්‍රී ලාංකික නව නිපැයුම්කරුවන් වෙනුවෙන් ජීවිතකාලය පුරා වලංගු පරිදි ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය යටතේ ද දෙවන ඛාණ්ඩය යටතේ වෙනත් රටවලින් පේටන්ට් බලපත‍්‍රය ලබාගත් ශ‍්‍රී ලාංකික නව නිපැයුම්කරුවන් වෙනුවෙන් ජීවිතකාලය පුරා වලංගු වන පරිදි ද හැඳුනුම්පත් නිකුත් කෙරේ. තෙවන ඛාණ්ඩය යටතේ ජාත්‍යන්තර අයැදුම්පතක් යටතේ ආවරණය වන ශ‍්‍රී ලාංකික නව නිපැයුම්කරුවන් වෙනුවෙන් පේටන්ට් සහයෝගීතා ගිවිසුම් මණ්ඩලය (එම ආයතනය විසින් ලබාදෙන කාලසීමාව තෙක් වලංගු) වන පරිදි ද සිව්වැනි ඛාණ්ඩය යටතේ පේටන්ට් බලපත‍්‍ර අපේක්ෂාවෙන් සිටින ශ‍්‍රී ලාංකික නව නිපැයුම්කරුවන් එ් සඳහා ලියාපදිංචි කළ දින සිට වසර 2ක් යනතුරු (බලපත‍්‍රය පිළිබඳ තීන්දුව ගන්නා කාලය සඳහා වසරක දිගුවක්) ලෙස ද පස්වැනි ඛාණ්ඩය යටතේ නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් සංවිධානය කරන ජාතික නවෝත්පාදන හා නව නිපැයුම් ප‍්‍රදර්ශනයේ දී ‘සහසක් නිමැවුම්’ සම්මානය දිනූ ශ‍්‍රී ලාංකික නව නිපැයුම්කරුවන් වෙනුවෙන් සම්මානිත දිනයේ සිට වසර දෙකක් ගතවනතෙක් (එ් අතරතුර කාලයේදී නව නිපැයුම් සඳහා තවදුරටත් සම්මාන ලබන්නේ නම් වලංගු කාලය වසර 2කින් දිගු කරගත හැක) ආදි ලෙස හැඳුනුම්පත් නිකුත් කරනු ලබයි.
පේටන්ට් බලපත‍්‍ර හිමි හෝ පේටන්ට් බලපත‍්‍රය අපේක්ෂාවෙන් සිටින ශ‍්‍රී ලාංකික නව නිපැයුම්කරුවන් හෝ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය යටතේ ජාත්‍යන්තර පේටන්ට් මණ්ඩලයේ බුද්ධිමය දේපළ සඳහා ආවරණය ලැබූ නව නිපැයුම්කරුවන් ද මෙම විශේෂිත හැඳුනුම්පත ලබාගැනීමට සුදුසුකම් ලබයි. නව නිපැයුම්කරුවන්ගේ නවෝත්පාදන කි‍්‍රයාවලියේදී එදිනෙදා කටයුතු වෙනුවෙන් මෙම විශේෂිත හැඳුනුම්පත ලබාතිබීම සමාජය තුළ විශේෂ පිළිගැනීමක්, සිය කටයුතු සඳහා වඩාත් පහසුවක් මෙන්ම මහත් අභිමානයක් ද වනු ඇත.
සහසක් නිමැවුම් 2016/2017, නවෝත්පාදන හා නව නිපැයුම් ජාතික ප‍්‍රදර්ශන 2016 හා 2017 වසරවලදී ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අතිසාර්ථක අයුරින් පැවැත්විණ. විවෘත විශ්ව විද්‍යාලය, තෘතීය අධ්‍යාපන ආයතනය, පාසල් හා වාණිජකරණ යන අංශ නියෝජනය කරමින් ක්ෂේත‍්‍ර 14ක් යටතේ නව නිපැයුම් 750කට අධික සංඛ්‍යාවක් එහිදී ඉදිරිපත් කෙරිණ. ජයග‍්‍රාහි නව නිපැයුම්කරුවන් වෙනුවෙන් සම්මාන ප‍්‍රදානෝත්සවය ද එදිනම පැවැත්විණි. 2018 සැප්තැම්බරයේ පැවැති සහසක් නිමැවුම් ප‍්‍රදර්ශනය ස`දහා නව නිපැයුම් 335කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබුණි. එම ජාතික දින සැමරුම්වලට සමගාමීව දේශබන්දු, ආචාර්ය එ්.එන්.එස්. කුලසිංහ අනුස්මරණ මුද්දරයක්, අනුස්මරණ තැපැල් පතක් නිකුත් ද කෙරුණි.
ශ‍්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ සංකල්පයක් මත හඳුන්වා දුන් ආසීනකාරක මධ්‍යස්ථාන (ෂබජමඉ්එසදබ ජැබඑැර* පිහිටුවීමේ වැඩසටහන යටතේ ආසීනකාරක මධ්‍යස්ථාන 2ක් යාපනය විශ්වවිද්‍යාලය සහ ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මණ්ඩලයේ ස්ථාපනය කරන ලදී. නව නිපැයුම්කරුවන්ගේ ජාතික දින දෙවැනි සැමරුමේදී එහි සේවාව රට පුරා ව්‍යාප්ත කිරීමට ද කටයුතු කෙරිණ.
2016 අයවැය යෝජනාවලට අනුව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් ඇතිකරන ලද නවෝත්පාදන වේගවත් කිරීමේ ත්වරණ අරමුදල් යාන්ත‍්‍රණය ශ‍්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් කළමනාකරණය කොට කි‍්‍රයාත්මක කර තිබේ. මෙම යාන්ත‍්‍රණය නව නිපැයුම්කරුවන්ගේ දෙවැනි ජාතික දින සැමරුමට සමගාමීව සිදුකෙරිණ. මෙහි මූලික අරමුණ වන්නේ ශ‍්‍රී ලාංකික නව නිපැයුම්කරුවන්ට තම අදහස් වෙළෙඳපොළ දක්වා ගෙනඑ්මටත්, ශ‍්‍රී ලාංකිකයන්ගේ සොයාගැනීම්, මුදල් ඉපැයීම දක්වාත් පරිවර්තනය කරගැනීමයි. විෂය භාර අමාත්‍යාංශය හරහා කරනු ලබන සියලූම ආයෝජන, ඉලක්කගත අංශවල ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය හා පාරිසරික තතත්වයන්ගේ තිරසාර බව සහතික කරන අතරතුර, වාණිජ සාර්ථකත්වයක් ඇතිකරමින් මෙරට ආර්ථිකය ඉහළ නැංවීමට ද මෙහිදී අපේක්ෂා කෙරේ.
නව නිපැයුම්කරුවන්ගේ ජාතික දිනයේ තෙවැනි සැමරුම 2018 ඔක්තෝබර් 26 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම සැමරුම් දිනයේදී 2018 සහසක් නිමැවුම් සම්මාන ප‍්‍රදානොත්සවය, නව නිපැයුම්කරුවන් සඳහා ජනාධිපති සම්මාන ප‍්‍රදානය, නව නිපැයුම්කරුවන් සඳහා විශේෂ සම්මාන හා සහිතක ප‍්‍රදානය, නවෝත්පාදන වාණිජකරණය පිළිබඳ ප‍්‍රධාන දේශන ඇතුළු විශේෂ අවස්ථා, කි‍්‍රයාකාරකම් රැුසක් පැවත්වෙන අතර මෙවර සැමරුම ද අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අති උත්කර්ශවත් අන්දමින් එදින පැවැත්වීමට සැලසුම් කර ඇත.
Video Story