2020 වන විට දුම්කොළ වගාව තහනම් කරනවා – ඇමැති රාජිත කියයි

    September, 11, 2017

    මේ වන විට දුමිවැටි භාවිතය 46%  කින් අඩු වී තිබෙන අතර ම දුම්කොළ වෙනුවෙන් ඉදිරියටත් නීති රීති ගෙන එන බවත් පාසල් අවට සිගරට් විකිණීම තහනම් කිරිම, තනි සිගරට්ටුව විකිණීම තහනම් කිරීම සහ ප්ලේන් සිගරට් පැකට්ටුවක් හදුන්වා දීම ඒ අතර ප්‍රධාන වන බවත්  වසර 2020 වනවට දුම්කොළ වගාව ශ්‍රී ලංකාවේ තහනම් කරන බවත්  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
    සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (11) අරලියගහ මන්දිරයේ පැවැති සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නංවමින් සිසු හෙද හෙදියන් 1614 ක් පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි.