2022 මුල් මාස දෙකේ දී සංචාරක කර්මාන්තයෙන් ලැබූ ආදායම ඩොලර් මිලියන 500 ඉක්මවයි

    March, 19, 2022

    2021 ජනවාරි - පෙබරවාරි මාස දෙක තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාවට සාපේක්ෂව 2022 වසරේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 3,442.7% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සතිපතා නිකුත් කරනු ලබන ආර්ථික දර්ශකයේ දක්වා ඇත.

    ඒ අනුව 2021 වසරේ ජනවාරි - පෙබරවාරි කාලපරිච්ඡේදයේ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 5,048ක් වන අතර 2022 වසරේ එම සංඛ්‍යාව 178,834ක් ලෙසින් වාර්තා වේ.

    මෙලෙස 2022 වසරේ මුල් මාස දෙක තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් සංචාරක ව්‍යාපාරය තුළින් එම කාල සීමාව තුළ ඉපැයූ මුළු ආදායම ද 2021 වසරට සාපේක්ෂව කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගෙන ඇත.

    මෙහිදී මහ බැංකු දත්තවලට අනුව 2022 මුල් මාස දෙක තුළ දී සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති මුළු ආදායම ඩොලර් මිලියන 582.7ක් වේ.

    මෙම අගය 2021 වසරේ මුල් මාස දෙක තුළ දී සටහන්ව තිබුණේ ඩොලර් මිලියන 16.4 ක් ලෙසයි.