April, 30, 2025
ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වර්ෂය වෙනුවෙන් රු. බිලියන 274.79ක ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබේ.
අදාළ වර්ෂය තුළ දී පොලී ආදායම්, උපලබ්ධි නොවූ මිල ප්‍රත්‍යාගණනයන්ගේ වාසි සහ මිල වෙනස්වීම්වලින් උපලබ්ධි වාසි ඇතුළුව විදේශීය මූල්‍ය වත්කම්වලින් මහ බැංකුව රු. බිලියන 110.55 ක ආදායමක් වාර්තා කර ඇත.
මීට අමතර පොලී ආදායම්, මිල වෙනස්කම් මත උපලබ්ධි ලාභ ඇතුළුව දේශීය මූල්‍ය වත්කම් ආශ්‍රිතව රු. බිලියන 227.25 ක ශුද්ධ ආදායමක්, දේශීය මූල්‍ය වත්කම් ආශ්‍රිතව මහ බැංකුව උපයා ඇත.
පසුගිය වර්ෂය තුළ දී මහ බැංකුවේ සේවක මණ්ඩල වියදම් ලෙස, වැටුප සහ වේතන වෙනුවෙන් දරා ඇති වියදම රු. බිලියන 10.51 කි. 2023 වසරේ දී මෙම අගය වාර්තා වී තිබුණේ රු. බිලියන 7.25ක් ලෙසයි.
සමස්තයක් ලෙස 2023 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවට රු. බිලියන 114.43 ක අලාභයක් භුක්කි විඳීමට සිදුවූ අතර, දේශීය ණය ප්‍රශස්තකරණයේ පළමු දින පාඩුව ලෙසින් රු. බිලියන 766.41 ක අලාභයක් වාර්තා වීම ඊට ප්‍රධාන වශයෙන් හේතුවිය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 වර්ෂය වෙනුවෙන් වන ආදායම් ප්‍රකාශය පහතින් දැක්වේ.


Video Story