2024 අප්‍රේල් මාසයේ දී ඩොලර් මිලියන 1,114 ක අපනයන ආදායමක්

    May, 21, 2024

    2024 අප්‍රේල් මාසයේ අපනයන කාර්ය සාධනය

    2024 අප්‍රේල් මාසය සඳහා වූ මුළු අපනයන (වෙළඳ භාණ්ඩ සහ සේවා) 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 1.25 % කින් ඉහළ ගිය අතර එය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,114.22 ක් ලෙස වාර්තා විය.

    ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 අප්‍රේල් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 813.81 ක් වූ අතර එය 2023 අප්‍රේල් මාසයට සාපේක්ෂව 4.1% ක අඩුවීමකි.

    2024 අප්‍රේල් මාසය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 300.41 ක් වූ අතර එය 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 19.28% කින් වැඩි අගයකි.

    කලාපය අනුව වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම