2024 දී කොටස් වෙළෙඳපොළ හරහා රු. බිලියන 175ක වාර්තාගත අරමුදල් සම්පාදනයක්

    March, 21, 2025

    පසුගිය 2024 වසරේ දී රු. බිලියන 175ක් ඉක්මවූ වාර්තාගත අරමුදල් ප්‍රමාණයක් කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා සම්පාදනය කර ගැනීමට හැකියාව ලැබී ඇති බව කොළඹ කොටස් වෙළෙඳපාළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පවසයි. පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව අනාවරණය කළේය.

    මෙම අරමුදල් සම්පාදනය, සමාගම් කොටස් හා ණය ප්‍රාග්ධන උපකරණ ලැයිස්තුගත කිරීම යක ක්‍රම දෙකම හරහා සිදුව තිබේ.

    පසුගිය වසර කිහිපය තුළ අරමුදල් සම්පාදනයන් සලකා බැලීමේ දී  2023 දී රු. බිලියන 73ක්, 2022 දී රු. බිලියන 44ක් හා 2021 දී රු. බිලිනයන 123 ක් ලෙසින් එම අගයයන් වාර්තා වන අතර ඒ හා සැසඳීමේ දී 2024 වසරේ මෙම කාර්යසාධනය සුවිශේෂී තත්ත්වයකි.

    2024 වසරේ රැස්කර ගත් රු. බිලියන 175ක මෙම අරමුදල්වලින් රු. බිලියන 94ක් ණයකර නිකුතු හරහා, රු. බිලියන 63ක් හිමිකම් නිකුතු හරහා, රු. බිලියන 14ක් පුද්ගලික නිකුතු හරහා සහ රු. බිලියන 2.8 ක් කොටස් නිකුතු හරහා සම්පාදනය කර ගැනීමට මෙලෙස හැකියාව ලැබී ඇත.

    මූලික මහජන නිකුතු (IPO) හතරක්, ණයකර නිකුතු 12 ක් සහ හිමිකම් නිකුතු 18 ක් ඇතුළුව නව නිකුතු 25 ක් එහිදී සිදුකර තිබුණි.